කාබරංකා චට්නි හදමු (Kabaranka Chatni Hadamu)

කාබරංකා චට්නි හදමු (Kabaranka Chatni Hadamu) - Your Choice Way

රටේ පවතින මේ අර්බුධකාරී තත්වයත් එක්ක කිසිම ආහාරයක් අපතේ දාන්න බැහැ .ඉතිං නිවෙස්වල තියන දේවල් වලින්ම කල්තබා ගන්න පුළුවන් ආහාර සකස් කර තබා ගන්න පුළුවන් නම් මේ වෙලාවෙ හැමෝටම ලොකු සහනයක් වේවි .කාබරංකා කියන්නෙ රසවත් පලතුරක් වුනාට ගොඩක් නිවෙස්වල ගස් යට ඉදිලා පරවෙලා කුණු වෙලා යනවා . නමුත් කාබරංකා වලින්  කරි ,ජෑම්, බීම , චට්නි වගේ ආහාර සකස් කර ගන්න පුළුවන් .ඉතිං මං හිතුවා කාබරංකා වලින් රසවත් චට්නි එකක් හදන විදිය ඔයාලට කියලා දෙන්න.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  •  නාරටි සහ ඇට ඉවත් කරගත් කාබරංකා 500g ක්
  • විනාකිරි කෝප්ප 1/2 ක්
  • සීනි 250g ක් (ඔයාලගෙ කාබරංකා ගොඩාක් ඇඹුල් නම් සීනි 300 ක් ගන්න)
  • මිරිස් කුඩු මේස හැඳි 2 ක් පමණ 
  • තලාගත් ඉඟුරු මේස හැඳි 1 ක් 
  • තලාගත් සුදුළූනු මේස හැඳි 1 ක්
  • ලුණු තේ හැඳි 1 ක් පමණ (රස අනුව යොදන්න)

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🎈 කාබරංකා සෝදා නාරටි  සහ මැද කොටස් ඉවත් කර කුඩා කැබලි වලට කපා ගන්න.
  2. 🎈 දැන් භාජනයක් ගෙන ( මැටි බඳුනක් වඩාත් සුදුසුයි) එයට තලාගත් ඉඟුරු ,සුදුළූනු , මිරිස් කුඩු , ලුණු ,සීනි සහ විනාකිරි එකතු කර ලිප තබා සීනි දියවන තුරු හැඳි ගාමින් උතුරවා ගන්න.
  3. 🎈 දැන් එයට කාබරංකා කැබලි එකතු කර අවශ්‍ය පමණ ඉස්ම සිඳෙන තුරු මද ගින්නේ පිස ගන්න.
  4. 🎈 ඉස්ම සිඳුණු පසු ජීවානුහරණය කල බෝතල් වල අසුරා තබා ගන්න.
ඉතාමත් පහසුවෙන් හදා ගන්න පුළුවන් . බෝතල් කරලා තියා ගත්තම අවශ්‍ය වෙලාවකදි ආහාරය ට ගන්න විතරක් නෙමෙයි යාලුවෙක් ට නෑ කෙනෙක් ට තෑගි දෙන්න වුනත් කදිමයි 😍ඔන්න එහෙනම් ඔයාලත් හදලා රස බලන්නකෝ ..

හෙළයේ රස මිහිර
කාබරංකා චට්නි හදමු (Kabaranka Chatni Hadamu) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කාබරංකා චට්නි හදමු (Kabaranka Chatni Hadamu) කාබරංකා චට්නි හදමු (Kabaranka Chatni Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on July 06, 2022 Rating: 5

0 comments:

Post a Comment