Ira Handata Wada Song Lyrics - ඉර හඳට වඩා ගීතයේ පද පෙළ

Ira Handata Wada Song Lyrics - ඉර හඳට වඩා ගීතයේ පද පෙළ
Song Title : Ira Handata Wada (ඉර හඳට වඩා)
ගායනය : අතුල අධිකාරි
සංගීතය : නවරත්න ගමගේ
ගී පද : අශෝක හඳගම
'සින්තටික් සිහින' ටෙලි නාට්‍යයෙන්


ඉර හඳට වඩා
අපි ඈත බව දන්නවා
ඒ උනත් අහම්බෙන්
එකම එක මොහොතකට
ඔබට මා හමුවෙලා

දැන් ඉතිං වෙන කුමක් කරන්නද
දැන් ඉතිං වෙන කුමක් කරන්නද
ආදරය කරනු මිස
ආදරය කරනු මිස

මහා පතරංගෙටත් වඩා
දිග කතාවක
කොම්බුවක් තරම් නැති
අපේ ලව් සිංදුවේ
අන්තරා පේළියක සමන්ති
මා ඔබව ඉම්බා.. !

පැය කටුව කුමකටද
ඔරලෝසු මුණකට
ඔරලෝසු මුණකට
කල්පයක් කියන්නේ
තත්පරෙන් බිඳක් නම්
කල්පයක් කියන්නේ
තත්පරෙන් බිඳක් නම්
සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක්
මා ඔබට තුරුළු වී
නිදිබරව උන්නා සමන්ති
සමන්ති

ඔබේ තොල් පෙති වැදී
මගේ නළලේ කොණක
කේෂ නාලිකාවක් පිපිරුණා
කේෂ නාලිකාවක් පිපිරුණා
දැන් ඉතිං වෙන කුමක් කරන්නද
දැන් ඉතිං වෙන කුමක් කරන්නද
ආදරය කරනු මිස
ආදරය කරනු මිස
ආදරය කරනු මිස
ආදරය කරනු මිස

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ira Handata Wada Song Lyrics - ඉර හඳට වඩා ගීතයේ පද පෙළ Ira Handata Wada Song Lyrics - ඉර හඳට වඩා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 08, 2021 Rating: 5

0 comments:

Post a Comment