ඇත්තෝර [Ethtora] (Senna Alata)

ඇතතෝර [Ethtora] (Senna Alata) - Your Choice Way
🌿 නිවර්තන ඇමරිකාව ජන්මභූමිය ලෙස සැලකෙන ඇත්තෝර මීටර් 5 පමණ උසය වැඩෙන කුඩා ශාකයක් හෝ පඳුරකි.

🌿 කඳෙහි මඳ බූවක් දක්නට ලැබේ. විශාල සංයුක්ත පත්‍රයක් සෙ.මි. 30-60 දක්වා වර්ධනය වෙයි. 

🌿 සංයුක්ත පත්‍රයක පත්‍රිකා යුගල 6-14 සංඛාවක් පිහිටයි. 

🌿 පත්‍රිකා හැඩය ආයත සිට ප්‍රත්‍යණ්ඩාකර - ආයත ය.

🌿 පත්‍රිකාවක් දිගින් සෙ.මි 5-15 හා පළලින් 2-7 දක්වා වැඩේ. 

🌿 පුෂ්ප මංජරිය අග්‍රස්ථීය හෝ කක්ෂීය ඒකාක්ෂයකි. 

🌿 එහි කහ හෝ තැඹිලි පාට මල් රාශියක් හට ගනී.

🌿 ඵලය දිග සෙ.මි. 10-15 පමණ වන කරලකි. 

🌿 රොම්බසාකාර බීජ ළා හෝ තද දුඹුරු පැහැතිය. ඇත් තෝර Fabaceae උද්භිද කුලයට අයත් ශාකයකි.

🌿 ඇතතෝර ප්‍රධාන වශයෙන් දද කුෂ්ඨ ඇතුළු සමේ රෝග සහ පණු රෝග සඳහා ගුණදායක ඔසුවක් ලෙස ප්‍රකටය. 

🌿 එමෙන්ම ගුල්ම රෝග, අර්ශස්, වණ, වාතරක්ත, සන්ධිවාත, අක්මා රෝග, උදරාබාධ, ඉදිමුම්, මලබද්ධය ආදී රෝග සඳහා ද ප්‍රතිකාර කිරීමට මෙම ශාකයේ කොළ, මුල් සහ ඇට භාවිතා කරයි. 

🌿 ඇතතෝර කප සහ වාතය සමනය කරන , විෂබීජ නාශක, පණුවන් නසන, අක්මාව ශක්තිමත් කරන, විරේචක ආදී ගුණ සහිතයි.

🌿 කුෂ්ඨ, දද, ආසාත්මිකතාවයන් සඳහා ඇත්තොර බීජ ලේපය හෝ පත්‍ර ස්වරසය යොදා ප්‍රතිකාර කරයි. 

🌿 දදවලට ඇත්තොර කොළ යුෂ ආලේප කිරීම හෝ කොළ මිටියක් ලෙස ගෙන කපා කැපූ පැත්ත දදයේ ඇතිල්ලීම සිදු කරයි. 

🌿 ඇත්තෝර කොළ යුෂට දෙහි ඇඹුල් කලවම්කර අව්වේ කකාරා ගා පැයකට පමණ පසුව නෑමෙන් අලුහම් සුව වේ.

🌿 පණුකැවිළි හා දදවල ඇත්තෝර කොළ, දෙහි ඇට මද, සුදුළුෑ ණු සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා ගෑම හෝ බැ ඳීම සිදු කරයි.

🌿 මී මැසි සහ බඹර විෂට කොළ යුෂ බීම හෝ ආලේපය ගුණය.

🌿 ඇත්තොර කොළ මැල්ලුම ඉඳහිට අනුභව කිරීමෙන් පණුවන් මල මාර්ගය හරහා ඉවත්වී ගොස් පණු රෝග, විශේෂයෙන් කිරිපණු රෝගය සුව වෙයි.

🌿 එමෙන්ම කොළ ගිතෙලින් මලවා කෑමද කිරිපණු රෝගය සඳහා ගුණදායකය. 

🌿 වැඩිපුර කෑමට ගැනීමෙන් උදර වේදනාව සහ විරේචනය සිදු විය හැකිය. වාතරක්ත, ගෘධ්‍රසි සහ රක්තවාත රෝගවලදී, රෝගයෙ න් පීඩාවට පත් ස්ථානයට ඇත්තෝර කොළ තබා බැඳීමෙන් වේදනාම සමනය වේ.

🌿 ගඳ සහිත වණවලට එඬරු තෙලින් තම්බා ගත් කොළ වණයට තබා බැඳීමෙන් සුවය ලැබෙයි.

🌿 නූතන ලොකයේ සම ආරක්ෂා කර ගැනීම සහ රුව රැක ගැනීම සඳහා භාවිතා කරන සබන් වර්ග, තෙල් වර්ග වැනි රූපළාවන්‍ය නිෂ්පාද සඳහා ඇත්තොර බහුලව භාවිතා කරයි.

මූලාශ්‍ර ඖෂධීය ශාක සංග්‍රහය, ඔසුතුරු විසිතුරු සහ අන්තර්ජාලයෙන්
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඇත්තෝර [Ethtora] (Senna Alata) ඇත්තෝර [Ethtora] (Senna Alata) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 06, 2021 Rating: 5

0 comments:

Post a Comment