Deyadara Vilikun Song Lyrics - දෙයදර විලිකුන් ගීතයේ පද පෙළ

Deyadara Vilikun Song Lyrics - දෙයදර විලිකුන් ගීතයේ පද පෙළ
Song Title : Deyadara Vilikun (දෙයදර විලිකුන්)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
සංගිතය : වික්ටර් රත්නායක
ගී පද : කේ.ඩී.කේ. ධර්මවර්ධන


දෙයදර විලිකුන් සුරත්පලේ
පෙම් මදිරා අයදිමින් සැලේ
සීත මීදුම් සිහින වැල් පැටලේ
සීත මීදුම් සිහින වැල් පැටලේ //

මුවරද රොන් සුනු සුවඳ වෙතේ
පෙම් මදිරා අයදිමින් යතේ
නිලුපුල් නෙත් ගත් තඹුරු විතේ
කැඳවයි ඔබ තව්තිසා වෙතේ
සීත මීදුම් සිහිනයක් වාගේ

දෙයදර විලිකුන් සුරත්පලේ
පෙම් මදිරා අයදිමින් සැලේ
සීත මීදුම් සිහින වැල් පැටලේ
සීත මීදුම් සිහින වැල් පැටලේ

මධුවිත සැනෙකින් හිස් වෙනවා
දිවි තවලම කතරක යනවා
යෞව්වන බව හෙට නැති වෙනවා
කල් බැලු අය හිඳ ලතවෙනවා
ජීවිතේ පිණි බ්න්දුවක් වාගේ

දෙයදර විලිකුන් සුරත්පලේ
පෙම් මදිරා අයදිමින් සැලේ
සීත මීදුම් සිහින වැල් පැටලේ
සීත මීදුම් සිහින වැල් පැටලේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Deyadara Vilikun Song Lyrics - දෙයදර විලිකුන් ගීතයේ පද පෙළ Deyadara Vilikun Song Lyrics - දෙයදර විලිකුන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 11, 2021 Rating: 5

0 comments:

Post a Comment