රහට කජු වෑංජනය හදමු (Cashew Curry) 🍲

රහට කජු වෑංජනය හදමු (Cashew Curry) 🍲 - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • කජු මද ග්‍රෑම් 250
  • ඉන්නල ග්‍රෑම් 150
  • උම්බලකඩ මේස හැඳි 2
  • උකු පොල්  කිරි කෝප්ප 2
  • දිය කිරි කෝප්ප 1
  • රතු ළූණු 
  • සුදු ළූණු
  • රම්පේ 
  • කරපිංචා 
  • කුරුඳු 
  • අමු මිරිස් කරල් 4
  • ගම්මිරිස් තේ හැඳි 1 1/2
  • කහ තේ හැඳි 1 1/2
  • ලුණු 
  • තෙල් ස්වල්පයක් 
  • තුනපහ කුඩු තේ හැඳි 2
  • තලාගත් අමු ඉගුරු 
  • උළු හාල් තේ හැඳි 1/4 
  • අබ ස්වල්පයක්

✅ සාදා ගන්නා ආකාරය :

මම අද මේ වෑංජනය හදන්නෙ කඩෙන් ගනිපු සුද්ද කරපු කජු වලින්.ඔයාල කවුරු හරි නාඹර කජු වලින් හදනවා නම් හොඳින් මද අරන් කිහිප වතාවක් උණුසුම් වතුරෙන් සෝදලා කිරි ඉවත් කරල පිරිසිදු කරල ගන්න.කඩෙන් ගන්න ඒව නම් පියළි වෙන් කරල මද උණුසුම් වතුරෙන් සෝදල බේරලා ගන්න.
  1. ♦️ ඉන්නල ටිකත් පස් ඉවත් වෙන්න සෝදලා හොඳින් පොතු ඉවත් කරල සුද්ද කරල දිය කිරෙන් තම්බලා දෙකට පලා ගන්න.
  2. ♦️ දැන් කජු සහ ඉන්නල  ටික භාජනයකට දමා .ඊට රතු ළූණු, උම්බලකඩ, කුරුඳු, අමු මිරිස්, ගම්මිරිස්, කහ, තුනපහ ලුණු මිශ්‍රකර ගන්න.(අමු මිරිස් දිගට පලා ගන්න)
  3. ♦️ තාච්චියට තෙල් හෝ මාගරින් දමා රත් වන විට රම්පේ, කරපිංචා, ලුණු ස්වල්පයක්, සුදු ළූණු ,අමු ඉඟුරු සහ අබ ස්වල්පයක් එකතු කරන්න.
  4. ♦️ සුවඳ වී ගෙන එන විට කජු මිශ්‍රණය දමා හැන්දෙන් පෙරලමින් මිශ්‍ර කරගන්න.
  5. ♦️ ඉන්පසු පොල් කිරි එක්කර කවලම් කර හොඳින් පිස ගන්න.
😃😃 ග්‍රීන් පීස් ටිකකුත් එකතු කරල උයා ගන්න පුළුවන් නම් තවත් රසයි.මට අද ග්‍රීන් පීස් තිබුනෙ නැහැ.ඔයාල හදද්දි එකතු කර ගන්න.

🔴 හැන්දෙ දැවටෙන ගානට හින්දවල ගන්න. එතකොට තමයි ගොඩක්ම රස වෙන්නෙ. ගෙදර කෑමට,විශේෂ අවස්ථාවකදී වගේම දානෙ ගෙදරකට නම් මේ වෑංජනය ඉතාම අනර්ඝ රසයක් එකතු කරාවි අනිවාර්යයෙන්ම 

🔴🔴 කැමති නම් වෑංජනය හදල ඉවර වෙලා තෙම්පරාදු කර ගන්න උනත් පුළුවන්.

🔴🔴🔴 සමහර ඉන්නල තැම්බෙන්න ටිකක් වෙලා යනව ඒකයි අපි මුලින්ම ඉන්නල ටික තම්බලා ගන්නෙ.

එහෙනම් ආයෙම දවසක කෑමක් හැදුවම ඔයාල හැමෝම එක්ක දැනුම බෙදා ගන්නම්. හැමෝටම උතුම් තෙරුවන් සරණයි  ☸ 

✍️ ගයාන් විදාන පතිරණ 
Lecturer in Management & English Language CA, IELTS Examiner, Ex-Banker, JP (All Island)
රහට කජු වෑංජනය හදමු (Cashew Curry) 🍲 - Your Choice Way

රහට කජු වෑංජනය හදමු (Cashew Curry) 🍲 - Your Choice Way

රහට කජු වෑංජනය හදමු (Cashew Curry) 🍲 - Your Choice Way

රහට කජු වෑංජනය හදමු (Cashew Curry) 🍲 - Your Choice Way

රහට කජු වෑංජනය හදමු (Cashew Curry) 🍲 - Your Choice Way

රහට කජු වෑංජනය හදමු (Cashew Curry) 🍲 - Your Choice Way

රහට කජු වෑංජනය හදමු (Cashew Curry) 🍲 - Your Choice Way
👇 ඒ වගේම මේ තියෙන්නෙ මගේ Page එක.මේක English Language Page එකක්. ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අය ඉන්නවානම් Like එකක් දාල Join වෙන්න කියල ආරාධනා කරනවා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
රහට කජු වෑංජනය හදමු (Cashew Curry) 🍲 රහට කජු වෑංජනය හදමු (Cashew Curry) 🍲 Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 29, 2021 Rating: 5

0 comments:

Post a Comment