බටහිර කැළඹූ නාඹර තරුණයා - බිලී ද කිඩ් (Billy The Kid)

බටහිර කැළඹූ නාඹර තරුණයා - බිලී ද කිඩ් (Billy The Kid) - Your Choice Way

"කව්ද බෝයි" කාටූන් කතා මාලාව ඔබ බොහෝ දෙනෙක් නරඹා ඇතුවාට සැකයක් නැහැ. එහි එක් කොටසකදී අපට හමු වන ඉක්මනින් තරහා යන, කිසිදු දෙයක් කිරීමට නොහැකි බිලී ද කිඩ් චරිතය ඔබට මතකද? සැබැවින්ම ජීවත් වූ මේ පුද්ගලයා කාටූන් කතා මාලාවේ අප දුටු පුද්ගලයාට වඩා නම් බෙහෙවින් වෙනස් අයෙකි.

හෙන්රි මැකාර්ටි (පසුව විලියම් එච්. බොනී) නොහොත් බොහෝ දෙනා දන්නා පරිදි බිලී ද කිඩ් ලෙස හැඳින්වෙන මොහු, ඇමරිකානු බටහිරින් බිහි වූ ලාබාලම හා ප්‍රසිද්ධ තුවක්කු සටන් කරුවෙකුට  උදාහරණය සපයයි. වයස අවුරුදු 21 දී වෙඩි තබා ඝාතනය කිරීමට පෙර, බිලී  බටහිර ප්‍රදේශයේ අවම වශයෙන් පුද්ගලයින් 9 දෙනෙකු ඝාතනය කර ඇති බවට වාර්තා වේ.  ඔහුගේ පුරාවෘත්තය ඔහුගේ මරණයෙන් බොහෝ කලකට පසු නොනැසී පැවතුනි.

1859 නොවැම්බර් 23 වන දින හෙන්රි මැකාර්ටි නිව් යෝර්ක් නගරයේදී උපත ලැබූ නමුත් ඔහු කුඩා අවදියේදී ඔහුගේ පවුලේ අය සමඟ කැන්සාස් වෙත සංක්‍රමණය විය. කෙටි කලකින් ඔහුගේ පියා මිය ගිය අතර ඔහුගේ මව නැවත විවාහ වී බටහිර නිව් මෙක්සිකෝවට පදිංචියට ගියේය. හෙන්රි ඔහුගේ සුළු පියාගේ නම වන ඇන්ට්රිම් භාවිතා කළ අතර අවසානයේ ඔහුගේ නම විලියම් එච්. බොනී ලෙස වෙනස් කළේය.

ඔහුට නීතිය සමග ගැටලු ආරම්භ වූයේ වයස අවුරුදු පහළොවේ දී නිව් මෙක්සිකෝවේ සිල්වර් සිටි හි සොරකම් කිරීමේ චෝදනාව මත ඔහුව සිරගත කිරීමත් සමගය. ඇරිසෝනා වෙත පලා ගිය ඔහු එහිදී රණ්ඩුවකට පැටලුන අතර අවසානයේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළේය.  බොනී පසුව නිව් මෙක්සිකෝවෙන් පලා ගියේය.

නැවත නිව් මෙක්සිකෝවට පැමිණි බොනී, ලින්කන් කවුන්ටි යුද්ධයට (සතුරු කල්ලි දෙකක් අතර ඇති වූ යුද්ධයකි) සම්බන්ධ විය. එහිදී ඔහු නිර්භීත සටන්කරුවෙකු සහ විශිෂ්ට වෙඩික්කරුවකු බව ඔප්පු කළේය. කෙසේ වෙතත්, ඔහුගේ වෙඩි පහරවල් දෙකකින් ෂෙරිෆ් ජේම්ස් බ්‍රැඩි සහ නියෝජ්‍ය නිලධාරියෙකු මිය යන ලදී.

එහි ප්‍රතිඵලයක් ලෙස බොනීව මිනීමැරුමකට අවශ්‍ය අයෙක් ලෙස සටහන් විය.  මාධ්‍යවේදී එමර්සන් හෝග් පුවත්පතට මෙසේ ලියන ලදී. “ඔහු උපතින්ම ම්ලේච්ඡයකුට සමාන ය". එහෙත් එවැනි ප්‍රකාශ මගින් බොනීගේ කීර්තිය තවත් ඉහළ නැංවූ අතර ඔහුට බිලී ද කිඩ් යන අන්වර්ථ නාමයද හිමි විය.

එහෙත් මේ අතර බිලී ආණ්ඩුකාර ලිව් වොලස් සමඟ ගිවිසුමක් ඇති කර ගත්තේය.  තමාට එරෙහි චෝදනා ඉවත් කරන්නේ නම් වෙනත් මිනීමරුවන්ට එරෙහිව සාක්ෂි දීමට ඔහු එකඟ විය. 

කෙසේ වෙතත්, නිදහස ලැබීමෙන් පසු, බිලී සිය සාපරාධී මාර්ග වෙත ආපසු පා තබන ලදී.  සමහර ටෙක්සාස් ගොවීන්ගෙන් ගවයන් සොරකම් කිරීමට ඔහු තවත් මිනිසුන් කිහිප දෙනෙකු මෙහෙයවීය. මෙය දුටු ආණ්ඩුකාර වොලස් ඔහුව යළි අත්අඩංගුවට ගැනීමට නියෝග කළේය.  ෂෙරිෆ් පැට් ගැරට් ඉක්මනින්ම මොහුව අත්අඩංගුවට ගන්නා ලදී.  

ඉන් පසු උසාවියට ඉදිරිපත් කළ බිලීට මරණ දඩුවම දුන් බව කියැවේ. එහිදී විනිසුරුවරයා "You are sentenced to be hanged by the neck until you are dead, dead, dead!" ඊට පිළිතුරු ලෙස කැගැසූ බිලී කියා සිටියේ "And you can go to hell, hell, hell!" ලෙසය.

කෙසේ හෝ බිලී ද කිඩ් තම බන්ධනාගාර ආරක්ෂකයා මරා දමා තවත් නියෝජ්‍ය නිලධාරියෙකුට වෙඩි තබා පලා යාමට හැකි විය. එහෙත් මෙවර ඔහුට කිසිදු අවස්ථාවක් හිමි නොවුණි.

1881 ජූලි මාසයේදී ෂෙරිෆ් ගැරට් සහ ඔහුගේ පිරිස (ඔහුට සහාය වීම සඳහා ෂෙරිෆ් විසින් සංවිධානය කරන ලද පිරිසක්) නව මෙක්සිකෝවේ ෆෝට් සුමනර් හි නිවසකදී බිලීව කොටු කර ගත්හ.

ඔවුහු ඔහුව අඳුරු කාමරයක සැඟවී සිටියදී වෙඩි තබා ඝාතනය කළහ.  පසුදා ඔහුගේ සිහින් සිරුරට වඩා විශාල වූ ණයට ගත් සුදු කමිසයක් ඔහුට අන්දා අවසන් කටයුතු කරන ලදී. බිලී හරියටම අවුරුදු විසිඑකක්, මාස හතක් සහ දින විසිඑකක් ජීවත් විය. වසර ගණනාවක් පුරා, බිලී ද කිඩ්ගේ පුරාවෘත්තය වර්ධනය වූයේ ඔහුගේ ජීවිතය පිළිබඳව සාදන ලද පොත් සහ චිත්‍රපට කිහිපයක ප්‍රතිඵලයක් වශයෙනි.
බටහිර කැළඹූ නාඹර තරුණයා - බිලී ද කිඩ් (Billy The Kid) - Your Choice Way
1877 දී පමණ බිලී ද කිඩ් අල්ලා ගැනීම සදහා සෑදූ පෝස්ටරයක්

බටහිර කැළඹූ නාඹර තරුණයා - බිලී ද කිඩ් (Billy The Kid) - Your Choice Way
1881 දී බිලී ද කිඩ්ගේ සුප්‍රසිද්ධ පලායාමේ ස්ථානය වන ලින්කන් කවුන්ටි උසාවිය.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
බටහිර කැළඹූ නාඹර තරුණයා - බිලී ද කිඩ් (Billy The Kid) බටහිර කැළඹූ නාඹර තරුණයා - බිලී ද කිඩ් (Billy The Kid) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 09, 2021 Rating: 5

0 comments:

Post a Comment