Andurin Piri Uman Song Lyrics - අඳුරින් පිරී උමන් ගීතයේ පද පෙළ

Andurin Piri Uman Song Lyrics - අඳුරින් පිරී උමන් ගීතයේ පද පෙළ
Song Title : Andurin Piri Uman (අඳුරින් පිරී උමන්)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද : කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව : ස්ටැන්ලි පීරිස්
1976 දී "ජෙම්ටෝන්" ලේබලයෙන් නිකුත්වූ "ප්‍රේමේ මායා" තැටියට (මුල් ගී තැටිය) ඇතුළත් වූ ගීයකි.(තැටි අංකය Gemtone / OME 1019)


අඳුරින් පිරී උමන් තුළයි දවස ගෙවෙන්නේ
මැණිකක් සොයාගන්න අපේ දිවිය ගෙවේ
හෙට කියා දිනක් එතැයි සිතට නැතේ සිතෙන්නේ //
දෝනාවේ
සිරගෙයි සිරවී එලොවින් මෙ ලොවට අප ළංවන්නේ
මදෑතේ
සවියෙන් ගොඩලූ ඉල්ලම් වෙනකෙකු ගන්නේ
හෙට කියා දිනක් එතැයි සිතට නැතේ සිතෙන්නේ //

අඳුරින් පිරී උමන් තුළයි දවස ගෙවෙන්නේ
මැණිකක් සොයාගන්න අපේ දිවිය ගෙවේ
හෙට කියා දිනක් එතැයි සිතට නැතේ සිතෙන්නේ //
අප සිරුරේ
ඩහදිය නිල්කැට රතුකැට යන නම් ගන්නේ
කවදා හෝ
දෙවියන් අපගේ ලෝකෙත් එළිය කරන්නේ
හෙට කියා දිනක් එතැයි සිතට නැතේ සිතෙන්නේ //
අඳුරින් පිරී උමන් තුළයි දවස ගෙවෙන්නේ
මැණිකක් සොයාගන්න අපේ දිවිය ගෙවේ
හෙට කියා දිනක් එතැයි සිතට නැතේ සිතෙන්නේ ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Andurin Piri Uman Song Lyrics - අඳුරින් පිරී උමන් ගීතයේ පද පෙළ Andurin Piri Uman Song Lyrics - අඳුරින් පිරී උමන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 18, 2021 Rating: 5

0 comments:

Post a Comment