Yeheliyaka Se Song Lyrics - යෙහෙලියක සේ ගීතයේ පද පෙළ

Yeheliyaka Se Song Lyrics - යෙහෙලියක සේ ගීතයේ පද පෙළ
Song Title : Yeheliyaka Se (යෙහෙලියක සේ)
ගායනය : චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
සංගීතය : ෂර්ලි වෛජයන්ත
පද රචනය : අජන්තා රණසිංහ


යෙහෙලියක සේ...
සොයුරියක සේ...
ඔබ කියන අයුරින්...
මා කෙසේ ඔබ දෙස බලන්නද...
පෙම් කදුලු දෑසින්...

ඈදින ගත්තේ අප උනුන්
පෙම්වතුන් වීමෙන්...
අප උපන්නේ ඒ දීනේ...
ප්‍රේමයේ නාමෙන්...
ඉතින් කෙලෙසද මා බලන්නේ... ඔබ දිහා එලෙසින්...

යෙහෙලියක සේ...
සොයුරියක සේ...
ඔබ කියන අයුරින්...
මා කෙසේ ඔබ දෙස බලන්නද...
පෙම් කදුලු දෑසින්...

ඔබම ඔබේ සිත රවටමින්...
අහක බැලූ දවසේ...
ඔබ ඉවත හල මා අදත්...
හඬමි පෙම් පියසේ...
ඉතින් කෙලෙසද මා බලන්නේ... ඔබ දිහා එලෙසින්...

යෙහෙලියක සේ...
සොයුරියක සේ...
ඔබ කියන අයුරින්...
මා කෙසේ ඔබ දෙස බලන්නද...
පෙම් කදුලු දෑසින්...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Yeheliyaka Se Song Lyrics - යෙහෙලියක සේ ගීතයේ පද පෙළ Yeheliyaka Se Song Lyrics - යෙහෙලියක සේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 05, 2021 Rating: 5

0 comments:

Post a Comment