Tikiriliya Tikiriliya Song Lyrics - ටිකිරිලියා ටිකිරිලියා ගීතයේ පද පෙළ

Tikiriliya Tikiriliya Song Lyrics - ටිකිරිලියා ටිකිරිලියා ගීතයේ පද පෙළ
Song Title : Tikiriliya Tikiriliya (ටිකිරිලියා ටිකිරිලියා)
ගායනය : එච්.ආර්. ජෝතිපාල සමග සුජාතා අත්තනායක (එවකට සුජාතා පෙරේරා) ඇතුළු පිරිස
පද : ස්වර්ණ ශ්‍රී බණ්ඩාර
තනුව : පී.වී. නන්දසිරි
1968 දී තිරගතවූ "පිනි බිඳු" චිත්‍රපටියේ ගීයකි.


ටිකිරිලියා ටිකිරිලියා මොකද පැරදිලා
අඬලා හැපිලා
ආ අපි දෙපිල බෙදී තරඟ කළා ජය ම බලා

ටිකිරිලියා ටිකිරිලියා මොකද පැරදිලා
අඬලා හැපිලා
ආ අපි දෙපිල බෙදී තරඟ කළා ජය ම බලා
නටමු අපී හා හූ කියා //

උඩු පිලයෝ ගියෝ ගියෝ
තෝර කැලේ ගියෝ ගියෝ
යටි පිලයෝ ගියෝ ගියෝ
හඳුන් කැලේ බලා ගියෝ ....//

නටා දිනා හිනා නඟා අපේ පිලේ මල් හිනා //

හුරේ දමා ඉපිල ගියත් සතුට ඉතිරිලා
දිනලා නටලා
ආ අපි දෙපිල බෙදී තරඟ කළා ජය ම බලා
නටමු අපී හා හූ කියා //

උඹයි මමයි යාළු පණේ
කිරියි පැණියි වාගෙ අනේ ....//

උඹ නැති දාට පණේ
මං ඉඳලා මොටද අනේ

රෝසා රෝසා අපේ පිලයි දිනන්නේ //

මෙදා තමයි පන්දු කෙළියෙ අගේ ඔබට දැනෙන්නේ //

ටිකිරිලියා ටිකිරිලියා මොකද පැරදිලා
අඬලා හැපිලා
ආ අපි දෙපිල බෙදී තරඟ කළා ජය ම බලා
නටමු අපී හා හූ කියා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Tikiriliya Tikiriliya Song Lyrics - ටිකිරිලියා ටිකිරිලියා ගීතයේ පද පෙළ Tikiriliya Tikiriliya Song Lyrics - ටිකිරිලියා ටිකිරිලියා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 07, 2021 Rating: 5

0 comments:

Post a Comment