Song Title : Aa Muhudu Werala Dige (ආ මුහුදු වෙරළ දිගේ)
ගායනය : එච්.ආර්. ජෝතිපාල සමග සුජාතා අත්තනායක (එවකට සුජාතා පෙරේරා) සහ පිරිස
පද : හෙන්රි ධර්මසේන
තනුව : පී.වී. නන්දසිරි
1968 දී තිරගතවූ "පිනි බිඳු" චිත්‍රපටියේ ගීයකි.
ආ මුහුදු වෙරළ දිගේ
වෙළෙන රැල්ල වගේ
ආ මුහුදු වෙරළ දිගේ
වෙළෙන රැල්ල වගේ
ආදරේ ආදරේ
ආදරේ සාගරේ ....//
ඈත අහසේ මායිමේ //
ආ මුහුදු වෙරළ දිගේ
වෙළෙන රැල්ල වගේ
ගීතයක් වී ජීවිතේ
සිහිනයක් සේ සාගරේ ...//
ළං වෙනා ආදරේ
ජීවිතේ මේ සාගරේ ...//
ආ එපිට දියඹ දිගේ
නිසල ඔරුව වගේ ...//
සාගරේ සාගරේ
සාගරේ අපෙ ආදරේ ...//
ඈගෙ ආශා මා වුණා
මාගෙ ආශා ඈ වුණා
සෝකයක් නෑ ජීවිතේ
තේරුමක් නෑ සෝකයේ ...//
සාගරයයි ජීවිතේ
වාසනාවේ සාගරේ ....//
ආ මුහුදු වෙරළ දිගේ
වෙළෙන රැල්ල වගේ ....////
0 comments:
Post a Comment