Sitha Midum Gangawe Song Lyrics - සීත මීදුම් ගංගාවෙ ගීතයේ පද පෙළ

Sitha Midum Gangawe Song Lyrics - සීත මීදුම් ගංගාවෙ ගීතයේ පද පෙළ
Song Title : Sitha Midum Gangawe (සීත මීදුම් ගංගාවෙ)
ගායනය : ටී.එම්. ජයරත්න
පද : කුලරත්න ආරියවංශ
තනුව : එච්.එම්. ජයවර්ධන


සීත මීදුම් ගංගාවෙ පාවී සිනා රැල් සලා
ඈතින් වලා
පාළු මේ දිවු රෑ යාමේ පායන් සඳේ නෙත් සලා
මා නෙත් බලා

මේ සීත රෑ යාමෙ තනිවී මෙසේ
මා දෑස ඒ දෑස සොයනා වෙලේ //

මේ ගීතිකා
ආරාධනා
නෑසේද ඔබටත් සඳේ

පාළු මේ දිවු රෑ යාමේ පායන් සඳේ නෙත් සලා
මා නෙත් බලා

මා පාළු යහනාවෙ තැවෙනා පැයේ
නෑ දෑස කලතාලු හසරැල් ඔබේ //

මේ ගායනා
ආයාචනා
නෑසේද ඔබටත් ළඳේ

සීත මීදුම් ගංගාවෙ පාවී සිනා රැල් සලා
ඈතින් වලා
පාළු මේ දිවු රෑ යාමේ පායන් සඳේ නෙත් සලා
මා නෙත් බලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sitha Midum Gangawe Song Lyrics - සීත මීදුම් ගංගාවෙ ගීතයේ පද පෙළ Sitha Midum Gangawe Song Lyrics - සීත මීදුම් ගංගාවෙ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 30, 2021 Rating: 5

0 comments:

Post a Comment