Jeewithaye Arume Song Lyrics - ජිවිතයේ අරුමේ ගීතයේ පද පෙළ

Jeewithaye Arume Song Lyrics - ජිවිතයේ අරුමේ ගීතයේ පද පෙළ
Song Title : Jeewithaye Arume (ජිවිතයේ අරුමේ)
Artist : Shanaka Udeesha & Sumedha Lakmal
Melody & Music : Chathurangana De Silva
Lyrics : Shehan Galahitiyawa
Teledrama : සංගීතේ - ටෙලි නාට්‍ය TV Derana


ජීවිතයේ අරුමේ පතනා
මේ අපගේ සිහිනේ විදිනා
ජීවිතයේ අරුමේ පතනා
මේ අපගේ සිහිනය (සිහිනේ) විදිනා

නෑ ගැඹුරක් තවමත් දැනිලා
සිතු සේ මෙලොවේ සරනා
රෑ සිහිනේ රිසි සේ දකිනා
මේ විලසේ සැමදා

කවුරුන්ද හදුනන්නේ අපගේ හැඟුම්
පවසන්න ලං වී හදින්
සංචාරේ නිම වෙන්නේ කොතැනින් කොහෙන්
නොදනී කිසිවෙකු ඉතිං
අද විදිමු තුටින් සිත සගවා සිතින්
අප ජීවිතේ විදිනවා

ජීවිතයේ අරුමේ පතනා
මේ අපගේ සිහිනය (සිහිනේ) විදිනා
නෑ ගැඹුරක් තවමත් දැනිලා
සිතු සේ මෙලොවේ සරනා
රෑ සිහිනේ රිසි සේ දකිනා
මේ විලසේ සැමදා

අප හීන සුවිසාල සයුරක් තරම්
මේ හීන ඉටු වෙන්නටත්
මනසේ හැගුම් දෙන්න සගවා හොරෙන්
හිනැහීලා ඉමු හදවතින්
හද පතුලේ තිබූ දුක සගවා සැනින්
අප ජීවිතේ විදිනවා

ජීවිතයේ අරුමේ පතනා
මේ අපගේ සිහිනේ විදිනා
ජීවිතයේ අරුමේ පතනා
මේ අපගේ සිහිනය (සිහිනේ) විදිනා

නෑ ගැඹුරක් තවමත් දැනිලා
සිතු සේ මෙලොවේ සරනා
රෑ සිහිනේ රිසි සේ දකිනා
මේ විලසේ සැමදා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Jeewithaye Arume Song Lyrics - ජිවිතයේ අරුමේ ගීතයේ පද පෙළ Jeewithaye Arume Song Lyrics - ජිවිතයේ අරුමේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 29, 2021 Rating: 5

0 comments:

Post a Comment