Sandalatha Payala Song Lyrics - සඳලතා පායලා ගීතයේ පද පෙළ

Sandalatha Payala Song Lyrics - සඳලතා පායලා ගීතයේ පද පෙළ
Song Title : Sandalatha Payala (සඳලතා පායලා)
ගායනය : කීර්ති පැස්කුවල්
සංගීතය : සරත් ද අල්විස්
ගී පද : සුනිල් ආරියරත්න


සඳලතා පායලා
මල් වැට ගාව ඉරිමා උදේ
සුදු මල් තාරුකා
ඇගෙ පරිවාර තරුවැල් වගේ
සඳුට උපමා ඔබයි ළඳුනේ
මටයි හැඟුනේ ආදරේ
සඳුට උපමා ඔබයි ළඳුනේ
මටයි හැඟුනේ ආදරේ

මන්දිරේ කවුළුවෙන් මං මේ උදේ
නෙත් පුරා බලා ඉඳින්නේ රූ ඔබේ //
ඔබට රහසේ ප්‍රේමාදරේ
මට දැනුණා රත්තරං
ඔබට රහසේ ප්‍රේමාදරේ
මට දැනුණා රත්තරං

සඳලතා පායලා
මල් වැට ගාව ඉරිමා උදේ
සුදු මල් තාරුකා
ඇගෙ පරිවාර තරුවැල් වගේ

වෑහෙනා මුත් ඒ මනෝ ලෝ චේතනා
පෙම් කරන්නත් නෑ ප්‍රියේ පිං වාසනා //
පාළු රාත්‍රියේ සඳ රේණුවෙන්
පුරවන්කෝ රත්තරං
පාළු රාත්‍රියේ සඳ රේණුවෙන්
පුරවන්කෝ රත්තරං

සඳලතා පායලා
මල් වැට ගාව ඉරිමා උදේ
සුදු මල් තාරුකා
ඇගෙ පරිවාර තරුවැල් වගේ
සඳුට උපමා ඔබයි ළඳුනේ
මටයි හැඟුනේ ආදරේ
සඳුට උපමා ඔබයි ළඳුනේ
මටයි හැඟුනේ ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sandalatha Payala Song Lyrics - සඳලතා පායලා ගීතයේ පද පෙළ Sandalatha Payala Song Lyrics - සඳලතා පායලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 28, 2021 Rating: 5

0 comments:

Post a Comment