Sanda Nidana Raa Yame Song Lyrics - සඳ නිදනා රෑ යාමේ ගීතයේ පද පෙළ

Sanda Nidana Raa Yame Song Lyrics - සඳ නිදනා රෑ යාමේ ගීතයේ පද පෙළ
Song Title : Sanda Nidana Raa Yame (සඳ නිදනා රෑ යාමේ)
ගායනය : කීර්ති පැස්කුවල්
සංගීතය : මහේන්ද්‍රපැස්කුවල්
ගී පද : සුරම්‍යා මාපිටිය


සඳ නිදනා රෑ යාමේ දිලෙනා තරු පොකුරේ
අරුන්දතී වූවාදෝ සරසා දිවි ගමනේ
මුදු පවනේ තණ පලසේ වැතිරෙමි ඔබ තුරුලේ
සසර පුරා ආවාදෝ දැවටී හසරැල්ලේ

කදුළ නිවා මිහිර ගෙනා මසිත පුරා රැඟූ
කොඳ කැකුලේ මගේ සිහිනේ මල් පිපිනා දිනේ
නෙත රැදුනේ රූ වරුණේ සනසා සිත මාගේ
මහද විලේ පිපුණාදෝ මල් කැකුළී මාගේ

නෙතු කැල්මේ රත ලවනේ මිහිර සදා රැ‍ඳේ
මලවි කුලේ කුමරියනේ මල්සර වෙමි ඔබගේ
මියෙන තුරා අතැර නොයා රැඳිලා මගෙ සෙවණේ
බැ‍ඳෙනු මැනේ පැතුව ලෙසේ මගේ රන් සමනළියේ

මියෙන තුරා අතැර නොයා රැඳිලා මගෙ සෙවණේ
බැ‍ඳෙනු මැනේ පැතුව ලෙසේ මගෙ රන් සමනළියේ
මගෙ රන් සමනළියේ
මගෙ රන් සමනළියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Nidana Raa Yame Song Lyrics - සඳ නිදනා රෑ යාමේ ගීතයේ පද පෙළ Sanda Nidana Raa Yame Song Lyrics - සඳ නිදනා රෑ යාමේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 28, 2021 Rating: 5

0 comments:

Post a Comment