Kadira Surindune Song Lyrics - කදිර සුරිඳුනේ ගීතයේ පද පෙළ

Kadira Surindune Song Lyrics - කදිර සුරිඳුනේ ගීතයේ පද පෙළ

Kadira Surindune Song Lyrics - කදිර සුරිඳුනේ ගීතයේ පද පෙළ

Kadira Surindune Song Lyrics - කදිර සුරිඳුනේ ගීතයේ පද පෙළ
Song Title : Kadira Surindune (කදිර සුරිඳුනේ)
ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සමග ටී.එම්. ජයරත්න සහ නීලා වික්‍රමසිංහ
පද : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව හා සංගීතය : ප්‍රේමසිරි කේමදාස


කදිර සුරිඳුනේ
දොළොස් අතින විකුම් තෙදින බරණ දරමිනේ
කදිර සුරිඳුනේ
දොළොස් නෙතින දිවැස් හෙළන කදිර සුරිඳුනේ
කදිර සුරිඳුනේ

මැණික් ගඟේ නිමල දියේ
පව් මළ සෝදා හරින්න
කිරි වෙහෙරේ නිවන් පුරේ
අපේ බුදුන් අපි වඳින්න
පේවී එන අපේ නඩේ සැහැල්ලුවෙන් වන්දන්නයි
කදිර සුරිඳුනේ
දොළොස් අතින විකුම් තෙදින බරණ දරමිනේ
කදිර සුරිඳුනේ
දොළොස් නෙතින දිවැස් හෙළන කදිර සුරිඳුනේ
කදිර සුරිඳුනේ

සිතින් කයින් වන වරද නොගන්නයි
ගමන් මඟට දෙවි පිහිට දෙවන්නයි
ගිමන් නිවන තැන සෙවණ සදන්නයි
පුළුන් රොදක් සේ අප වන්දන්නයි
කදිර සුරිඳුනේ
දොළොස් අතින විකුම් තෙදින බරණ දරමිනේ
කදිර සුරිඳුනේ
දොළොස් නෙතින දිවැස් හෙළන කදිර සුරිඳුනේ
කදිර සුරිඳුනේ

අනන්ථ අනුහස අණ පතුරන්නයි
තැවුල් අවුල් බෝ දුක දුරලන්නයි
දෙමව්පියන් සේ අප රැකගන්නයි
පිනෙන් මෙතුන් ලොව මතු බුදුවන්නයි
කදිර සුරිඳුනේ
දොළොස් අතින විකුම් තෙදින බරණ දරමිනේ
කදිර සුරිඳුනේ
දොළොස් නෙතින දිවැස් හෙළන කදිර සුරිඳුනේ
කදිර සුරිඳුනේ

මැණික් ගඟේ නිමල දියේ
පව් මළ සෝදා හරින්න
කිරි වෙහෙරේ නිවන් පුරේ
අපේ බුදුන් අපි වඳින්න
පේවී එන අපේ නඩේ සැහැල්ලුවෙන් වන්දන්නයි
කදිර සුරිඳුනේ

දොළොස් අතින විකුම් තෙදින බරණ දරමිනේ
කදිර සුරිඳුනේ
දොළොස් නෙතින දිවැස් හෙළන කදිර සුරිඳුනේ
කදිර සුරිඳුනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kadira Surindune Song Lyrics - කදිර සුරිඳුනේ ගීතයේ පද පෙළ Kadira Surindune Song Lyrics - කදිර සුරිඳුනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 29, 2021 Rating: 5

0 comments:

Post a Comment