Song Title : Samanala Ranak Se (සමනල රෑනක් සේ)
ගායනය : ඉන්ද්‍රාණි පෙරේරා, මිල්ටන් මල්ලවාරච්චි
ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : පැට්රික් දෙණිපිටිය
සමනල රෑනක් සේ
අනන්ත හැඟුම් මැවේ
කෙසේදෝ කියන්නේ
මගෙ දිව දෙතොල් අතර සැංගේ //
පොපියුණු සිතුවිලි අවදි වෙවී
සිත තෙරපෙයි නතර නොවී
ළා දළුවක් මෙන් මහද සැලේ
නෙත් යුග එක් රුවක වෙලී //
සමනල රෑනක් සේ
අනන්ත හැඟුම් මැවේ
කෙසේදෝ කියන්නේ
මගෙ දිව දෙතොල් අතර සැංගේ
දේදුණු දහසක් සේ
ප්‍රසන්න දසුන් පෙනේ
රිදී මල් සිනා පා
සීගිරි ළඳක් පිබිද ළංවේ //
සිහිවෙන පණ නල රැඳෙන තුරු
එය දවසකි පෙරුම් පිරූ
ඔබෙ වත සඳවත ලෙසින් සොමි
මම දින දින පතන්නෙමි //
දේදුණු දහසක් සේ
ප්‍රසන්න දසුන් පෙනේ
රිදී මල් සිනා පා
සීගිරි ළඳක් පිබිද ළංවේ
කෙසේදෝ කියන්නේ
මගෙ දිව දෙතොල් අතර සැංගේ
රිදී මල් සිනා පා
සීගිරි ළඳක් පිබිද ළංවේ //
0 comments:
Post a Comment