Sadak Basa Giya Song Lyrics - සඳක් බැස ගියා ගීතයේ පද පෙළ

Sadak Basa Giya Song Lyrics - සඳක් බැස ගියා ගීතයේ පද පෙළ
Song Title : Sadak Basa Giya (සඳක් බැස ගියා)
ගායනය : ක්ලැරන්ස් විජේවර්ධන
පද : ක්ලැරන්ස් විජේවර්ධන
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන
1974 දී නිකුත් වූ "සිහින පැතුම්" තැටියට අඩංගු වූ ගීයකි. (EP Sooriya / CHB 035)


සඳක් බැස ගියා අවර ගිරේ
ඉරක් උදා කරලා
මටත් ලොවක් තිබුණා මතකයි
මම ඉමි සිහි කරලා
දෙළුම් මල් පිපුණු දෙවැට දිගේ
පාසැල් ගිය කාලේ
මල් වගේ සිනාසුණු කෙල්ලන් හා
මතකයි මගෙ බාලේ

විවේකයක් ලද විටදි අපී
දුව පැන ඇවිදිනවා
ගණන් තමයි මගෙ සිතට වදේ
නිතරම වරදිනවා
ගමේ පාසැලේ වැඩට අපී
පෙරමුණ ගෙන යනවා
තවත් වරක්
තවත් වරක් මට පාසැල් යන්නට
ලැබුණොත් මම යනවා

ඉමක් කොනක් නැති අහස වගේ
කෙළිලොල් දිවිය මගේ
මලක් පිපී සුවඳින් පිරුණා සේ
මුහුණේ සිනහ රැඳේ
දුකක් සිතේ දැණුුනේ නෑ මා හට
අද මට දැණෙනු වගේ
තවත් වරක්
තවත් වරක් මට පාසැල් යන්නට
ලැබුණොත් හරිම අගේ

දෙළුම් මල් පිපුණු දෙවැට දිගේ
පාසැල් ගිය කාලේ
මල් වගේ සිනාසුණු කෙල්ලන් හා
මතකයි මගෙ බාලේ

මල් වගේ සිනාසුණු කෙල්ලන් හා
මතකයි මගෙ බාලේ
පොඩි කාලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sadak Basa Giya Song Lyrics - සඳක් බැස ගියා ගීතයේ පද පෙළ Sadak Basa Giya Song Lyrics - සඳක් බැස ගියා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 28, 2021 Rating: 5

0 comments:

Post a Comment