Ruwanpuraya Song Lyrics - රුවන්පුරය ගීතයේ පද පෙළ

Ruwanpuraya Song Lyrics - රුවන්පුරය ගීතයේ පද පෙළ
Song Title : Ruwanpuraya (රුවන්පුරය)
ගායනය : මූන්ස්ටෝන්ස්
පද : ක්ලැරන්ස් විජේවර්ධන
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන
"මූන්ස්ටෝන්ස්" කණ්ඩායමේ ප්‍රථම EP තැටිය වූ "Musical Gems of Ceylon" (EP Philips / JVPC 1007) හී ගීයකි.මෙහි පද මුල් ගීය අනුවයි.


ශ්‍රී ලංකාවේ එළිය මිණිපුරයි
ලොවම සිසාරා පැතිරෙන්නෙ එහි නමයි
රුව ළඳුන් සොයාලා ඔබ එන්නෙ මෙහි තමයි
ශ්‍රී ලංකාවේ එළිය මිණිපුරයි

රුවන්පුරේ කළු ගං රැජිණී
බඳ ලෙලවා රඟට ගලන්නේ ...//

සමන් දෙවිඳු බලන රටයි
ලොව සැම තැන පතල නමයි ....//
රුවන්පුරය අපේ ගම තමයි //

ශ්‍රී ලංකාවේ එළිය මිණිපුරයි
ලොවම සිසාරා පැතිරෙන්නෙ එහි නමයි
රුව ළඳුන් සොයාලා ඔබ එන්නෙ මෙහි තමයි
ශ්‍රී ලංකාවේ එළිය මිණිපුරයි

සිරිපාදෙට යන එන ගමනේ
විඩා නිවාගෙන සිත තුටිනේ ....//

රුවන්පුරය සිරියාවයි
සමන් දෙවිඳු කරුණාවයි ...//
රුවන්පුරය අපේ ගම තමයි //

ශ්‍රී ලංකාවේ එළිය මිණිපුරයි
ලොවම සිසාරා පැතිරෙන්නෙ එහි නමයි
රුව ළඳුන් සොයාලා ඔබ එන්නෙ මෙහි තමයි
ශ්‍රී ලංකාවේ එළිය මිණිපුරයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ruwanpuraya Song Lyrics - රුවන්පුරය ගීතයේ පද පෙළ Ruwanpuraya Song Lyrics - රුවන්පුරය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 25, 2021 Rating: 5

0 comments:

Post a Comment