Re Pal Rakina Song Lyrics - රෑ පැල් රකින ගීතයේ පද පෙළ

Re Pal Rakina Song Lyrics - රෑ පැල් රකින ගීතයේ පද පෙළ
Song Title : Re Pal Rakina (රෑ පැල් රකින)
ගායනය : අබේවර්ධන බාලසූරිය
පද රචනය : අජන්තා රණසිංහ
සංගීතය : සරත් දසනායක


රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ
මගෙ තනි නොතනියට නුඹවත් නැතුවානේ
හෙට දින නුඹත් දීගෙක ගිය පසු නෑනේ
මාසේ පෝය දා ‍වාගෙයි ගම්මානේ

එගොඩහ ගොඩේ ඉස්මත්තෙදි දුටුවාට
ඇළ කණ්ඩියේ ඉදගෙන අත වැනුවාට
මගෙ හිතු මනාපෙට මං බහ දුන්නාට
නාඩන් මස්සිනේ පෙර පින් නැතුවාට

හැදුවේ ගෙපැල මට තනියෙන් හිදින්නද
බාලේ ඉදන් බැදි ආලේ බිදින්නද
රෑ තුන්යමේ මේ හැටි දුක් ගෙවන්නද
සිහිනෙන් මිසක හැබැහින් එක් නොවන්නද

නෑනා නැතත් කල දවසක් ගෙවෙන්නයි
සිටු කුමරියක් කරකාරෙට ලැබෙන්නයි
පත්තිනි ගම්බාර දෙවියන් රකින්නයි
කුරහන් කපන දා මා සිහිකරයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Re Pal Rakina Song Lyrics - රෑ පැල් රකින ගීතයේ පද පෙළ Re Pal Rakina Song Lyrics - රෑ පැල් රකින ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 02, 2021 Rating: 5

0 comments:

Post a Comment