Hada Viman Dorin Song Lyrics - හද විමන් දොරින් ගීතයේ පද පෙළ

Hada Viman Dorin Song Lyrics - හද විමන් දොරින් ගීතයේ පද පෙළ
Song Title : Hada Viman Dorin (හද විමන් දොරින්)
ගායනය : එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලීන් ගුණතිලක
සංගීතය : සරත් දසනායක
ගී පද : කරුණාරත්න අබේසේකර
කස්තුරි සුවද චිත්‍රපටය


 හද විමන් දොරින් එන පැතුම් පවන්
විහිද යයි හමා
පියඹනා කල්පනා
රසේ දේයි අමා

මල් උයන් තුලින් විල් ගඟුල් මැදින්
සුගන්දය ගලා
එකතු වී කිති කැවී
රැඳී එක්වෙලා

සාගරයේ සිසිල් රැල් නැගි නැගී බිඳේ
ආදරයේ සුපෙම් කැන් දිලි දිලී සැලේ
ආකාසේ සඳේ ලප නැත මැකී ගියේ
ආදරයේ පුරාණේ හිත ඇදී ගියේ
උදා වූ වසන්තේ
සදාකල් රැඳේවා

හද විමන් දොරින් එන පැතුම් පවන්
විහිද යයි හමා
පියඹනා කල්පනා
රසේ දේයි අමා

මී වදයේ ගුම් නදින් මත් වෙලා ඉමී
ගී තනුවේ වදන් වැල් ලෙස ඇදී එමී
ලෝ තලයේ අලුත් පෙම් කතාවක් ලියා
පා කරමූ සුනිල්වන් වලාවක් සොයා
උදා වූ වසන්තේ
සදාකල් රැඳේවා

හද විමන් දොරින් එන පැතුම් පවන්
විහිද යයි හමා
පියඹනා කල්පනා
රසේ දේයි අමා

මල් උයන් තුලින් විල් ගඟුල් මැදින්
සුගන්දය ගලා
එකතු වී කිති කැවී
රැඳී එක්වෙලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hada Viman Dorin Song Lyrics - හද විමන් දොරින් ගීතයේ පද පෙළ Hada Viman Dorin Song Lyrics - හද විමන් දොරින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 03, 2021 Rating: 5

0 comments:

Post a Comment