✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- හාල් පිටි 250g (විනාඩි 5 පමණ කබලෙ බැදලා ගන්න. ඉදි ආප්ප පිටි වුනත් ගන්න පුළුවන් . ඒක බදින්න ඕන නැහැ)
- පොල් බැයක පොල්
- ලුනු කුඩු තේ හැදි 1/2
- වතුර අනා ගැනීමට
✅ සාදා ගන්නා ආකාරය :
- පලමුව භාජනයකට හාල් පිටි දමා විනාඩි 5 පමණ බදින්න . පැත්තකින් නිවෙන්න තබන්න.
- භාජනයකට හාල්පිටි දමා එයට ලුනු එකතු කර මිශ්‍ර කරන්න . පසුව පොල් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න .
- දැන් වතුර ටික ටික ඉසිමින් පිට්ටු කැට මල් සාදා ගන්න . ලොකු කැට හදන්න එපා .
- දැන් කුමක් හෝ තරමක කප් එකක් ගෙන පිට්ටු පුරවා උඩින් යාන්තම් තද කර රයිස් කුකර් එකේ ස්ටිමර් එකේ තබා තම්බා ගන්න . ස්ටීමර් එක උඩ සවියට් එකක් එලා සාදා ගත් පිට්ටු තබන්න .
හදලා බලන්න කෝ .Dhammika Panangala (ධම්මිකා පනංගල)
0 comments:
Post a Comment