හාල්පිටි එළවළු රොටි හදමු (Let's Make Vegetable Bread[Elawalu Roti])

හාල්පිටි එළවළු රොටි හදමු (Let's Make Vegetable Bread[Elawalu Roti]) - Your Choice Way

අද උදේට කන්න  මම  හැදුවා රසම රස වගේම  ගුණදායක ඉතා පහසුවෙන් හදන්න පුලුවන් උදේට වගේම රාත්‍රීයට කන්න පුලුවන් කැමක් . හාල්පිටි එළවළු රොටි . හරිම ලෙහෙසියි හදන්න . 

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • හාල්පිටි කප් 1 1/2  (200g)
  • තම්බපු අල ගෙඩි 2 
  • වතුර අවශ්‍ය තරමට
  • ලුණු කුඩු තේ හැඳි 1 
  • ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2
  • අමුමිරිස් කරල් 2 (සිහින්ව කපා ගත්)
  • තරමක ළුනු ගෙඩි 1  (සිහින්ව කපා ගත්)
  • කැරට් ,  ගෝවා , ලීක්ස්   (සිහින්ව කපා ගත්)
  • තක්කාලි ගෙඩි 1  (සිහින්ව කපා ගත්)
  • නිවිති කොල  3  (සිහින්ව කපා ගත්)
  • කරපිංච ටිකක් 
  • බේකින් පවුඩර් තේ හැඳි 1/2

✅ සාදා ගන්නා ආකාරය :

  1. පලමුව භාජනයකට හාල්පිටි  පොඩි කර ගත් අල වතුර කප් 1 1/2 පමණ දමා මිශ්‍ර කර ග්‍ර්රයින්ඩ් කරන්න.ටිකක් දියාරු පේස්ට් එකක් සාදා ගන්න .
  2. එයට ලුණු ගම්මිරිස් කුඩු දමා මිශ්‍ර කරන්න. 
  3. දැන්  එම මිශ්‍රණයට එළවළු , අමු මිරිස් , ළුනු , කරපිංච එකතු කර හොදින් කලවම් කරන්න . 
  4. පසුව විනාඩි 10 ක් පමණ පැත්තකින් තබන්න.
  5. විනාඩි 10ට පසු බේකින් පවුඩර් එකතු කර හොදින් මිශ්‍ර කරන්න .
  6. පැන් එකක් ලිප තබා තෙල් ටිකක් ගා මිශ්‍රණය පැන් එකට දමා පියනකින් වසා විනාඩි 3ක් පමණ පිස ගන්න . පසුව අනිත් පැත්ත හරවා පිස ගන්න.  
  7. මෙලෙස සියල්ලම සාදා ගන්න . මම නම් කන්න චිකන් කරියක් සාදා ගත්තා .
හදලා බලන්න කෝ . Dhammika Panangala (ධම්මිකා පනංගල)
හාල්පිටි එළවළු රොටි හදමු (Let's Make Vegetable Bread[Elawalu Roti]) - Your Choice Way

හාල්පිටි එළවළු රොටි හදමු (Let's Make Vegetable Bread[Elawalu Roti]) - Your Choice Way

හාල්පිටි එළවළු රොටි හදමු (Let's Make Vegetable Bread[Elawalu Roti]) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
හාල්පිටි එළවළු රොටි හදමු (Let's Make Vegetable Bread[Elawalu Roti]) හාල්පිටි එළවළු රොටි හදමු (Let's Make Vegetable Bread[Elawalu Roti]) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 20, 2021 Rating: 5

0 comments:

Post a Comment