Paankiriththa Song Lyrics - පාංකිරිත්තා ගීතයේ පද පෙළ

Paankiriththa Song Lyrics - පාංකිරිත්තා ගීතයේ පද පෙළ
Song Title : Paankiriththa (පාංකිරිත්තා)
ගායනය : ෆ්‍රෙඩී සිල්වා
සංගීතය : වික්ටර් රත්නායක
ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්


ආරොන් මාමා...

පාංකිරිත්තා තක්කිට තරිකිට උඩ පැන පැන නටතෙයි
පාංකිරිත්තී රබාන අරගෙන කරබාගෙන වයතෙයි
උන්ගේ පැටවුන් වටේට ඉඳගෙන දෑතින් හඬ තලතෙයි
මේවා බල බල තනි කෑඳැත්තෙක් කීචි බීචි කියතෙයි

පාංකිරිත්තා තමන්ගෙ පාඩුවෙ නැටුම පටන්ගත්තේ
අහල පහල කිසිවෙකුටත් ඒකෙන් හිරිහැරයක් නැත්තේ
කොහේද හිඳ පැමිණුනු කෑඳැත්තා වහලා අර අත්තේ
උන්ගෙ නැටුමට බාදා කරමින් ගීය පටන්ගත්තේ

පාංකිරිත්තා...

පාංකිරිත්තා නැටුම නවත්තා කේන්තියෙන් ආවා
කෑඳැත්තාගේ කළු අත්තටුවෙන් අල්ලා සෙලවූවා
ඊට පස්සෙ ඌ සට සට ගාලා මොන මොනවද කීවා
ළඟට කිට්ටු වී මා ද ගොළුවතින් ඊට සවන් පෑවා

අනුන්ගෙ වැඩ ගැන විවේචනය කර කර ඉන්නවට වඩා
තමන් දන්න දේ හරියට කරපන් කියලා කීය හඬා ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Paankiriththa Song Lyrics - පාංකිරිත්තා ගීතයේ පද පෙළ Paankiriththa Song Lyrics - පාංකිරිත්තා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 14, 2021 Rating: 5

0 comments:

Post a Comment