Olu Nelum Neriya Ragala Song Lyrics - ඕළු නෙළුම් නෙරිය රඟාලා ගීතයේ පද පෙළ

Olu Nelum Neriya Ragala Song Lyrics - ඕළු නෙළුම් නෙරිය රඟාලා ගීතයේ පද පෙළ
Song Title : Olu Nelum Neriya Ragala (ඕළු නෙළුම් නෙරිය රඟාලා)
ගායනය : සිසිර සේනාරත්න සහ පිරිස
පද රචනය : ගරු මර්සිලින් ජයකොඩි පියනම
තනුව : සුනිල් සාන්ත
සංගීතය : බී.එස්. පෙරේරා
1956 දී තිරගතවූ රේඛාව චිත්‍රපටියෙනි.


ඕ ඕ ඕ.... ඕ........... ඕ....ඕළු
නෙළුම් නෙරිය සලා ... ආ.....
රඟන්නේ

ඕළු නෙළුම් නෙරිය රඟාලා
කිකිණි හඬන වලා නඟාලා ....//
ගඟුල් තොටිල්ලේ
මල් ඇතිරිල්ලේ
මගේ කුඩා ඔරුව හබල් ගා

යමු නැළැවිල්ලේ නැළැවිල්ලේ නැළැවිල්ලේ

ඇදී ඇදී යන්න නදී රිදී තොටිල්ලේ //

කිරලා කිරලි කූඩුවේ ලගී
කුරුලු පන්ති නාද දී නඟී ...//
නැඹුරුවී බලා
කුඩා සුදු වලා
ඔබේ රුවට වසී වෙලානේ

යමු නැළැවිල්ලේ නැළැවිල්ලේ නැළැවිල්ලේ

ඇදී ඇදී යන්න නදී රිදී තොටිල්ලේ //

කබරගොයා උගේ සුරතලී
සොයා ඇදෙයි නඟා දිය සුළී ...//
කොකුන් කිරි වගේ
නැගේ වෙල දිගේ
ඔබත් කොකුන් රැළක හැඩයිනේ

යමු නැළැවිල්ලේ නැළැවිල්ලේ නැළැවිල්ලේ

ඇදී ඇදී යන්න නදී රිදී තොටිල්ලේ ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Olu Nelum Neriya Ragala Song Lyrics - ඕළු නෙළුම් නෙරිය රඟාලා ගීතයේ පද පෙළ Olu Nelum Neriya Ragala Song Lyrics - ඕළු නෙළුම් නෙරිය රඟාලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 11, 2021 Rating: 5

0 comments:

Post a Comment