Obe Atha Dennayi Song Lyrics - ඔබෙ අත දෙන්නැයි ගීතයේ පද පෙළ

Obe Atha Dennayi Song Lyrics - ඔබෙ අත දෙන්නැයි ගීතයේ පද පෙළ
Song Title : Obe Atha Dennayi (ඔබෙ අත දෙන්නැයි)
ගායනය : අබේවර්ධන බාලසූරිය සහ නිරංජලා සරෝජිනී
පද රචනය : ජයතිස්ස බොරළුගොඩ
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


ඔබෙ අත දෙන්නැයි මා ඉල්ලූ දා
මතකද ඔබ කීදේ
දස වසකට පෙර මතකද ඔබ කීදේ

මගෙ සෙනෙහස ඔබ වෙත රැඳවූ දා
මතකද ඔබ කීදේ
දස වසකට පෙර මතකද ඔබ කීදේ

එදා කියූ දේ නැත අමතකව ගියේ
පෙර භවයෙහි කළ පැතුමක් මෙනි අප
පෙම් ලොව ජනිත වුණේ
බිරිඳක මෙන් ඔබ මවක ලෙසින් ඔබ
මා හද සිසිල ගෙනේ

මගෙ සෙනෙහස ඔබ වෙත රැඳවූ දා
මතකද ඔබ කීදේ
දස වසකට පෙර මතකද ඔබ කීදේ

එදා මෙදා තුර නැත මා සසල වුණේ
පෙර භවයෙදි පිරු පැතුම් බෙලෙන් මා
ඔබගේ බිරිඳ වුණේ
සැමියකු මෙන් ඔබ පියෙකු ලෙසින් ඔබ
මා හද සිසිල ගෙනේ

ඔබෙ අත දෙන්නැයි මා ඉල්ලූ දා
මතකද ඔබ කීදේ
දස වසකට පෙර මතකද ඔබ කීදේ

මගෙ සෙනෙහස ඔබ වෙත රැඳවූ දා
මතකද ඔබ කීදේ
දස වසකට පෙර මතකද ඔබ කීදේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Obe Atha Dennayi Song Lyrics - ඔබෙ අත දෙන්නැයි ගීතයේ පද පෙළ Obe Atha Dennayi Song Lyrics - ඔබෙ අත දෙන්නැයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 26, 2021 Rating: 5

0 comments:

Post a Comment