Ithin Sondura Song Lyrics - ඉතින් සොඳුර ගීතයේ පද පෙළ

Ithin Sondura Song Lyrics - ඉතින් සොඳුර ගීතයේ පද පෙළ
Song Title : Ithin Sondura (ඉතින් සොඳුර)
ගායනය : අබේවර්ධන බාලසූරිය සහ නිරංජලා සරෝජිනී
පද රචනය : නිලාර් එන්. කාසිම්
තනුව : මහින්ද බණ්ඩාර


ඉතින් සොඳුර අපි දෙන්නා මොනවා කරන්නද
කාලය යයි අනන්තයට අප මෙහි තනි කර

ආ මඟ මහ දුරක් කියා නොසිතමු හිමි සඳ
මේ ටික දු උනත් යමුද නාඬා ඉකි බිඳ

දරු පැටවුන් නැති පාළුව මකා හරින්නට
හැකිද කෝම හිරි වැටෙනව හිත හරි හරියට

එහෙම ම නැහැ හිමි සඳුනේ හයියයි නම් හිත
අපි දෙන්නට අපිම මදැයි තනිය මකන්නට

ඉතින් සොඳුර අපි දෙන්නා මොනවා කරන්නද
කාලය යයි අනන්තයට අප මෙහි තනි කර

ආ මඟ මහ දුරක් කියා නොසිතමු හිමි සඳ
මේ ටික දු උනත් යමුද නාඬා ඉකි බිඳ

උනන කඳුළ නෙතු මානෙන් රූටන හැම විට
මට හිතෙනව ජීවිතයත් එහෙම වැටේවි ද

එහෙම ම නැහැ හිමි සඳුනේ යා යුතුමයි දුර
වැටුණු කඳුළු වල නම් බැහැ අරුත් හොයන්නට

ඉතින් සොඳුර අපි දෙන්නා මොනවා කරන්නද
කාලය යයි අනන්තයට අප මෙහි තනි කර

ආ මඟ මහ දුරක් කියා නොසිතමු හිමි සඳ
මේ ටික දු උනත් යමුද නාඬා ඉකි බිඳ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ithin Sondura Song Lyrics - ඉතින් සොඳුර ගීතයේ පද පෙළ Ithin Sondura Song Lyrics - ඉතින් සොඳුර ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 26, 2021 Rating: 5

0 comments:

Post a Comment