නෙල්ලි කෝඩියල් හදමු 🥂🍸👌 (Nelli Cordial Hadamu)

නෙල්ලි කෝඩියල් හදමු 🥂🍸👌 (Nelli Cordial Hadamu) - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • නෙල්ලි යුෂ මෙෂරින් කප් 1        
  • සුදු සීනි ග්‍රෑම් 250            
  • වතුර මිලි ලීටර් 250
  • ස්ට්‍රික් අම්ලය  ස්වල්පයක් 
  • පෙක්ටින් අම්ලය ස්වල්පයක් 
  • ග්ලිසරින් ස්වල්පයක් 

✅ සාදා ගන්නා ආකාරය :

  1. මුලින්ම නෙල්ලි ටික හොඳින් සෝදා ඇටය ඉවත් කර පොඩියට කපා ඝන නෙල්ලි යුෂ මිලි ලීටර් 250 ක් හදා ගන්න.🔴 නෙල්ලි ටික හොඳින් බ්ලෙන්ඩ් කරල රෙදි කඩකින් පෙරා ගෙන ග්ලිසරින් ස්වල්පයක් එකතු කරන්න.
  2. ඊළඟට වතුර එක ලිප තබා නටාගෙන එද්දි සීනි එකතු කරන්න.(අනිවාර්යයෙන්ම සුදු සීනි ගන්න) පසුව එයට නෙල්ලි යුෂ ටික දමා හොඳින් කවලම් කරන්න.
  3. දැන් පෙක්ටින් සහ ස්ට්‍රික් අම්ලය එකතු කර හොඳට උණු කරන්න.බුබුළු දාල නටන්න උණු කරන්න එපා. ඊට පොඩ්ඩක් අඩුවෙන් උණු කරන්න.
  4. ලිපෙන් බා ගත් පසු වර්ණක එකතු කර ගන්න. මම එකතු කලේ ස්වභාවිකව සාදාගත් කොල පාට වර්ණක.🔴 නිවිති කොල මිටක් වතුර දාමා උණු කර එය බ්ලෙන්ඩ් කරල තමයි කොල පාට හදා ගත්තෙ
  5. හොඳට නිවුනාට පසු ජීවානුහරණය කර බෝතලයකට දාල හොඳින් පියන වහල තියා ගන්න.අවශ්‍ය වෙලාවකට අරන් හදල රස විඳින්න.
🔴 වෙළඳ පොල තුල තිබෙන ඒවාට නම් අනිවාර්යයෙන්ම මෙටාබයිසල්පයිට් එකතු කරනවා කල් තබා ගන්න ඕන නිසා.මට නම් ඒවා නැහැ ඉතින්.අනික තිබුණත් එකතු කරන්නෙ නැහැ. ඒ නිසා උපරිම සති දෙකක් තුනක් වගේ තියා ගන්න පුළුවන්. හොඳට අසුරලා ශීතකරණයේ තබන්න.

🔴 කෝඩියල් එක හදන කොට දෙහි පොඩ්ඩක් එකතු කරල ලුණු ඉතාම ස්වල්පයක් එකතු කරල කස කසා ඇට ටිකක් එකතු කරල රසට හදන්න.

🔴 අයිස් කැට ටිකක් දාලම බොන්න. වතුර වෙනුවට සෝඩා එකතු කරන්න උනත් පුළුවන් .ඒක එතකොට වෙනමම ටේස්ට් එකක් 😃😃

♦️ඉතින් ආයෙ දවසක මේ වගේ තවත් රසම රස රෙසිපි එකකින් හමුවෙමු. ඔයාල සියළුම දෙනාට නිදුක් නීරෝගී සුවයෙන් සැමකල් ජීවත් වීමට වාසනාව ලැබේවා කියල වෙනද වගේම අදත් හදවතින්ම ආශිර්වාද කරනව 
උතුම් තෙරුවන් සරණයි සියළුම දෙනාට ☸ 

✍️ ගයාන් විදාන පතිරණ 
Lecturer in Management & English Language CA, IELTS Examiner, Ex-Banker, JP (All Island)
නෙල්ලි කෝඩියල් හදමු 🥂🍸👌 (Nelli Cordial Hadamu) - Your Choice Way

නෙල්ලි කෝඩියල් හදමු 🥂🍸👌 (Nelli Cordial Hadamu) - Your Choice Way

නෙල්ලි කෝඩියල් හදමු 🥂🍸👌 (Nelli Cordial Hadamu) - Your Choice Way

නෙල්ලි කෝඩියල් හදමු 🥂🍸👌 (Nelli Cordial Hadamu) - Your Choice Way

නෙල්ලි කෝඩියල් හදමු 🥂🍸👌 (Nelli Cordial Hadamu) - Your Choice Way

නෙල්ලි කෝඩියල් හදමු 🥂🍸👌 (Nelli Cordial Hadamu) - Your Choice Way

නෙල්ලි කෝඩියල් හදමු 🥂🍸👌 (Nelli Cordial Hadamu) - Your Choice Way

නෙල්ලි කෝඩියල් හදමු 🥂🍸👌 (Nelli Cordial Hadamu) - Your Choice Way

💥 බොහෝ දෙනෙක්ගෙ ඉල්ලීම නිසා වැඩ රාජකාරි අතරතුර උනත් ඔන්න මගේම කියල group එකක් හැදුවා.විශේෂයෙන් මේක නම් හැදුවේම මගේ ආදරණීය සිසු සිසුවියන් වෙනුවෙන්. මොකද පොතේ පතේ දැනුම වගේම උයන පිහන දෙයත් ගැහැණු පිරිමි දෙපාර්ෂවයම සාමාන්‍යයෙන් හෝ ප්‍රගුණ කළ යුතුයි. ඉතින් මෙම group එකේ ඉන්න ගෞරවාන්විත මහත්ම මහත්මීන් හැමෝටම ඉතා ආදරණීය ලෙස ආරාධනා කරනවා පහත link එකෙන් මගේ group එකට සම්බන්ධ වෙලා ඔයාල උයන පිහින දේවල් එහි පල කරන්න කියල.ඒක අනාගත පරපුර වෙනුවෙන් කරන මහඟු දායාදයක් වනු ඇත.
මගේ group එකේ link එක ⬇️⬇️

👇 ඒ වගේම මේ තියෙන්නෙ මගේ Page එක.මේක English Language Page එකක්. ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අය ඉන්නවානම් Like එකක් දාල Join වෙන්න කියල ආරාධනා කරනවා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
නෙල්ලි කෝඩියල් හදමු 🥂🍸👌 (Nelli Cordial Hadamu) නෙල්ලි කෝඩියල් හදමු 🥂🍸👌 (Nelli Cordial Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 12, 2021 Rating: 5

0 comments:

Post a Comment