Me Sitha Himidiri Yame Pawa Song Lyrics - මේ සීත හිමිදිරි යාමේ පවා ගීතයේ පද පෙළ

Me Sitha Himidiri Yame Pawa Song Lyrics - මේ සීත හිමිදිරි යාමේ පවා ගීතයේ පද පෙළ
Song Title : Me Sitha Himidiri Yame Pawa (මේ සීත හිමිදිරි යාමේ පවා)
ගායනය : ප්‍රියා සූරියසේන
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : ප්‍රියා සූරියසේන


මේ සීත හිමිදිරි යාමේ පවා
මා මුරකාවලේ පොඩි නංගෝ
සංග්‍රාමයේ ජය ධජ නංවලා
මා එන්නම් ගමේ මගෙ නංගෝ ...//

දැන් හතුරෝ පුරුදුයි නඟෝ
සෙබළ මුළු හරි වීරයෝ
ගම්මානේ උන්නාවූ ඒ පුංචි ගැටයන්
විකුම් රණ සූරයෝ
හැඩරුව ඇන්දාම මේ නිල ඇඳුමේ
නංගෝ තේජාන්විතයි

දින දින පිළිමල් කඳවුරු බිඳගෙන
සතර දිගට අපි යනවා
අපි රණකාමියෝ
මවුබිමේ උරුමේ
දිවි දී
රකිනා
දරුවෝ

මේ සීත හිමිදිරි යාමේ පවා
මා මුරකාවලේ පොඩි නංගෝ
සංග්‍රාමයේ ජය ධජ නංවලා
මා එන්නම් ගමේ මගෙ නංගෝ

රෑපානේ මහ රෑ පවා
නිබඳ වෙඩි හඬ නැංවෙනා
බක් මාසේ අවුරුද්ද දා පුංචි කාලේ
රතිඤ්ඤා හඬ සිහිවුණා
අවුරුදු කන්නේ මෙදා යුධ පිටියේ
ජයගෙන සටනින් අපි

මවුපිය ගුරුවර සිහිපත් කරගෙන
ලැබගෙන තෙරුවන් සරණේ
ගමට එන්නම් නඟෝ
එනතුරා ළඟදී
නාඬන්
හිනැහෙන්
නංගෝ

මේ සීත හිමිදිරි යාමේ පවා
මා මුරකාවලේ පොඩි නංගෝ
සංග්‍රාමයේ ජය ධජ නංවලා
මා එන්නම් ගමේ මගෙ නංගෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Me Sitha Himidiri Yame Pawa Song Lyrics - මේ සීත හිමිදිරි යාමේ පවා ගීතයේ පද පෙළ Me Sitha Himidiri Yame Pawa Song Lyrics - මේ සීත හිමිදිරි යාමේ පවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 24, 2021 Rating: 5

0 comments:

Post a Comment