කුකුල් මස් කරිය හදමු (Chicken Curry) 🐔 🐔 🍲

කුකුල් මස් කරිය හදමු (Chicken Curry) 🐔 🐔 🍲 - Your Choice Way

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • කුකුල් මස් ග්‍රෑම් 500
  • ලොකු  ළූණු ගෙඩි 1 
  • සුදු ළූණු බික් 4 ක් 5 ක් 
  • පොඩි ඉගුරු කෑල්ලක් 
  • කුරුදු  කරාබු නැටි එනසාල් 
  • නයි මිරිස් කරල් 3 ක්
  • තක්කාලි ගෙඩි 1 ක් 
  • කරපිංචා රම්පේ සේර 
  • ගම්මිරිස් මේස හැඳි 1 1 /2 ක්
  • කහ මේස හැඳි 1 /2
  • මාගරින් මේස හැදි 3 ක්
  • පොල් තෙල් බෝතල් 1/4
  • බැදපු මිරිස් කුඩු මේස හැඳි 2
  • මස් කරි මේස හැදි 4 ක්    
  • උකු මිටි කිරි අඬු කෝප්ප 1 1/2
  • ලුණු රස පදමට
  • සෝයා සෝස් තේ හැදි 4  ක්
  • ඔයිස්ටර් සෝස් මේස හැදි 2 ක් 
  • මිංචි කොල ස්වල්පයක් 

✅ සාදා ගන්නා ආකාරය :

  1. ▪️මුලින්ම මස් ටික සුද්ද කරල අවශ්‍ය ප්‍රමාණයට කෑලි කපා ගන්න.
  2. ▪️ඊළඟට ලොකු ළූණූ සුදු ළූණු සහ ඉගුරු සිහින් කුඩාවට කපා ගන්න.ඒ වගේම නයි මිරිස් කරල් ටිකත් රවුම් හැඩයට සිහින්ව ලියා ගන්න.මේකට අමු මිරිස් ගන්නත් පුළුවන්.ඒත් අමු මිරිස් වලට වඩා නයි මිරිස් වල සුවිශේෂී රසක් සහ සුවඳක් තියනවා. ඒ වගේම තක්කාලි ගෙඩියත් සිහින්ව කපා ගන්න.
  3. ▪️දැන් එනසාල් කරාබු නැටි හා කුරුදු ටික කොටා ගන්න. නැත්නම් අඹරලා ගන්න. බ්ලෙන්ඩර් කරනවාට වඩා හොඳයි අඹරලා ගන්න. නැත්නම් පොල් කටුවකට දාල පිහියෙ මිටෙන් කොටා ගන්න මම වගේ 😃😃
  4. ▪️කෑලි කපා ගත් මස් ටිකට ගම්මිරිස් පොඩ්ඩක්  දාල රස අනුව ලුණු සෝයා සෝස්, මස් කරි සහ කහ තේ හැදි 1 ක් දමා හොඳට අතගාල පැය භාගයක් වගේ තියන්න.
  5. ▪️දැන් මස් ටික ගැඹුරු තෙලේ බදින්න.
  6. ▪️ඊට පසු භාජනයක් ලිප තබා මාගරින් ටිකක් හෝ තෙල් ටිකක් දමා  කපාගත් ලොකු ළූණු, සුදු ළූණු, ඉගුරු, සේර, කරපිංචා, රම්පේ හා කොටන ලද එනසාල් කරාබු නැටි හා කුරුදු පවුඩර් එක දාල රන්වන් පාට වෙනකන් බැද ගන්න. හරිම සුවඳක් එනවා මේක බැඳෙන කොට නම්. 😋 😋 ලිපේ ගින්දර වැඩි කර ගන්නෙ නැතුව දැන් ඒකටම අපි බැදපු මස් ටික එකතු කරන්න.හොඳින් කවලම් කරන්න. 
  7. ▪️දැන් උකු මිටි කිරි එකතු කරන්න.ඊට උඩින් හීනියට ලියාගත් නයි මිරිස් ටික එකතු කරන්න. 🔴🔴 මිටි කිරි වලට කැමති නැත්නම් උණු වතුර දාන්න ඒ ප්‍රමාණයට.  නමුත් කිරි එකතු කරල ඉව්වාම රසයි ගොඩක්ම.
  8. ▪️දැන් බැදපු තුනපහ, බැදපු මිරිස් කුඩු, මස් කරි කහ, ලුණු හා ගම්මිරිස් රස අනුව එක්කර මිශ්‍ර කරන්න. හොඳට කවලම් කරන්න.
  9. ▪️හොඳට හොද්ද නටන විට තියේනම් ඔයිස්ටර්  සෝස් පොඩ්ඩක් එකතු කරන්න.එතකොට මේකෙ රස දෙගුණ තෙගුණ වෙනවා. නැත්නම් තක්කාලි ගෙඩියක් පෙති කපලා දාන්න.
  10. ▪️ලිපෙන් බෑවට පස්සෙ මිංචි කොල ටිකක් උඩින් ඉසින්න තියේනම් විතරක්. ඒකෙන් අමුතුම සුවදක් එනවා.කොත්තමල්ලි කොල උනත් කමක් නෑ. 

🔴 තෙලේ බදින්නෙ නැතුව උනත් උයන්න පුළුවන්.බැදල උයන කොට රසයි ගොඩක්. ඔයාල බදින්නෙ නැතුව උයනවා නම් සීසන් වෙන්න තියල එහෙමම තෙම්පරාදු කරල උයා ගන්න.

🔴🔴 මේක හදන්න නම් ඉතින් ටිකක් කාලය යනවා. ඉක්මනට කරන්න බැහැ. හැමදාම හදන විදියටම නැතුව ඉඳල හිටල හරි නිවාඩු දවසකම මෙන්න මේ විදියට හදල රස බලන්න කියල ඔයාල හැමෝටම ආදරයෙන් මතක් කරනවා එහෙනම්.

👹️👹️ පරම්පරාවක් ලෙඩ කරන්න පිලිකා කාරක එකතු කරල පොඩි උන්ට මැජික් කරන්න යනවට වඩා පොඩි පොඩි කැට එකතු කරල ආමාශ්‍රිත ලෙඩ හදනවාට වඩා අපේම කුළුබඩු වලින් රසට මෙහෙම දෙයක් හදල කමු. එතකොට හැමෝම නීරෝගී වේව්. 😃

♦️ඉතින් ආයෙ දවසක මේ වගේ තවත් රසම රස රෙසිපි එකකින් හමුවෙමු. ඔයාල සියළුම දෙනාට නිදුක් නීරෝගී සුවයෙන් සැමකල් ජීවත් වීමට වාසනාව ලැබේවා කියල වෙනද වගේම අදත් හදවතින්ම ආශිර්වාද කරනව 
උතුම් තෙරුවන් සරණයි සියළුම දෙනාට ☸ 

✍️ ගයාන් විදාන පතිරණ 
Lecturer in Management & English Language CA, IELTS Examiner, Ex-Banker, JP (All Island)

කුකුල් මස් කරිය හදමු (Chicken Curry) 🐔 🐔 🍲 - Your Choice Way

කුකුල් මස් කරිය හදමු (Chicken Curry) 🐔 🐔 🍲 - Your Choice Way

කුකුල් මස් කරිය හදමු (Chicken Curry) 🐔 🐔 🍲 - Your Choice Way

කුකුල් මස් කරිය හදමු (Chicken Curry) 🐔 🐔 🍲 - Your Choice Way

කුකුල් මස් කරිය හදමු (Chicken Curry) 🐔 🐔 🍲 - Your Choice Way

කුකුල් මස් කරිය හදමු (Chicken Curry) 🐔 🐔 🍲 - Your Choice Way

👇 මේ තියෙන්නෙ මගේ Page එක.මේක English Language Page එකක්.ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අය ඉන්නවානම් Like එකක් දාල Join වෙන්න කියල ආරාධනා කරනවා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කුකුල් මස් කරිය හදමු (Chicken Curry) 🐔 🐔 🍲 කුකුල් මස් කරිය හදමු (Chicken Curry) 🐔 🐔 🍲 Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 24, 2021 Rating: 5

0 comments:

Post a Comment