Thunyame Raa Thunyame Song Lyrics - තුන්යමේ රෑ තුන්යමේ ගීතයේ පද පෙළ

Thunyame Raa Thunyame Song Lyrics - තුන්යමේ රෑ තුන්යමේ ගීතයේ පද පෙළ

Thunyame Raa Thunyame Song Lyrics - තුන්යමේ රෑ තුන්යමේ ගීතයේ පද පෙළ
Song Title : Thunyame Raa Thunyame (තුන්යමේ රෑ තුන්යමේ)
ගායනය : ප්‍රියා සූරියසේන සහ චන්ද්‍රලේඛා පෙරේරා
පද : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : ප්‍රියා සූරියසේන


තුන්යමේ රෑ තුන්යමේ
දුටු සිහිනයේ ඔබ රැජිණ වී
මා ඔබේ හද රාජයේ
රජ වුණා රෑ සිහිනයේ

තුන්යමේ රෑ තුන්යමේ
දුටු සිහිනයේ ඔබ රජ වෙලා
මම ඔබේ හද විජිතයේ
රැජිණ වූයෙමී සිහිනයේ

සුනීල රජ මල් පොකුණේ
ඔයා රැයේ දිය කෙළණේ
පොකුණු තෙරේ මා උන්නා
රැයේදි මා දුටු සිහිනේ

පුරාණ රන් දෝලාවේ
ඔයා නිරිඳු සේ පාවේ
මගේ ළඟින් ඔබ උන්නා
රැයේදි මා දුටු සිහිනේ

තුන්යමේ රෑ තුන්යමේ
දුටු සිහිනයේ ඔබ රැජිණ වී
මා ඔබේ හද රාජයේ
රජ වුණා රෑ සිහිනයේ

තුන්යමේ රෑ තුන්යමේ
දුටු සිහිනයේ ඔබ රජ වෙලා
මම ඔබේ හද විජිතයේ
රැජිණ වූයෙමී සිහිනයේ

ත්‍රිශූල තෝමර ඔසවා
පෙමේ විරු සේනා එනවා
පෙම් පියසේ වුන් සතුරෝ
බියේම මට දිව යනවා

උදාර ප්‍රේමය නිමවී
ගියාද සිහිනෙන් බියවී
සිහිනෙන් හෝ හැබැහින් හෝ
නොයන්න කුමරිය සැඟවී

තුන්යමේ රෑ තුන්යමේ
දුටු සිහිනයේ ඔබ රජ වෙලා
මම ඔබේ හද විජිතයේ
රැජිණ වූයෙමී සිහිනයේ

තුන්යමේ රෑ තුන්යමේ
දුටු සිහිනයේ ඔබ රැජිණ වී
මා ඔබේ හද රාජයේ
රජ වුණා රෑ සිහිනයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thunyame Raa Thunyame Song Lyrics - තුන්යමේ රෑ තුන්යමේ ගීතයේ පද පෙළ Thunyame Raa Thunyame Song Lyrics - තුන්යමේ රෑ තුන්යමේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 24, 2021 Rating: 5

0 comments:

Post a Comment