Song Title : Mangale Neth Mangale (මංගලේ නෙත් මංගලේ)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : කරුණාරත්න අබේසේකර
තනුව : මොහොමඩ් සාලි
මෙයග්රැමෆෝන් තැටියකට හඬ කැවුණු මිල්ටන්ගේ ප්රථම ගීයයි. එම තැටියේ අනෙක් පස ගීය වූයේ "ඔරුවක පාවෙන" නම් ගීයයි.(පිලිප්ස් ලේබලයෙන් යුත් තැටි අංකය EXVEE JVPC1016)
මංගලේ නෙත් මංගලේ
හංස ධේනුවෙ පෙම් විලේ
පීන පීනා රැල් තුරුල්ලේ
පාවෙනු සිතු සේ ජලේ //
මංගලේ නෙත් මංගලේ
සීතලේ ගැහෙනා හදේ මේ
උණුසුමේ සුව දී මවා
නිසසලේ රැඳෙනූ සිනාසී
නොපියඹා උදයේ හවා
දෑසෙ බැල්මයි නීල කැල්මයි
දෑසෙ බැල්මයි නීල කැල්මයි
මත් කරයි තවුසා පවා
මත් කරයි තවුසා පවා
මංගලේ නෙත් මංගලේ
හංස ධේනුවෙ පෙම් විලේ
පීන පීනා රැල් තුරුල්ලේ
පාවෙනු සිතු සේ ජලේ
මංගලේ නෙත් මංගලේ
ආදරේ නමැති පොතේහී
මුල් පිටේ රූපේ ඔබයි
ඒ පොතේ ලියැවී තිබෙන්නේ
මා හිතේ ආශා තමයි
කියනු ළං වී බලමු ළං වී
කියනු ළං වී බලමු ළං වී
නැකත පෑහෙනවා සුබයි
නැකත පෑහෙනවා සුබයි
මංගලේ නෙත් මංගලේ
හංස ධේනුවෙ පෙම් විලේ
පීන පීනා රැල් තුරුල්ලේ
පාවෙනු සිතු සේ ජලේ
මංගලේ නෙත් මංගලේ
0 comments:
Post a Comment