Malawunge Nagare Song Lyrics - මළවුන්ගේ නගරයේ ගීතයේ පද පෙළ

Malawunge Nagare Song Lyrics - මළවුන්ගේ නගරයේ ගීතයේ පද පෙළ
Song Title : Malawunge Nagare (මළවුන්ගේ නගරයේ)
ගායනය : අබේවර්ධන බාලසූරිය සහ නිරංජලා සරෝජිනී
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව : සරත් බාලසූරිය


මළවුන්ගේ නගරයේ මමයි
මමයි හමුවුණා
මළවුන්ගේ නගරයේ ඔබයි
ඔබයි හමුවුණා

සජිවි සක්වල තලයේ
වරම් නොමැත හමුවෙන්නට //

එක වහළක් යට ඉඳගෙන
එක අහරක් වළඳන්නට //

ඔබයි හමුවුණා
මමයි හමුවුණා

මළවුන්ගේ නගරයේ මමයි
මමයි හමුවුණා
මළවුන්ගේ නගරයේ ඔබයි
ඔබයි හමුවුණා

සීමා ප්‍රාකාර වලින්
ඉඩක් නොමැත ගැලවෙන්නට //

ජීවත්වන ලෝකයකදි
අවසර නැත ළං වන්නට //

ඔබයි හමුවුණා
මමයි හමුවුණා

මළවුන්ගේ නගරයේ මමයි
මමයි හමුවුණා
මළවුන්ගේ නගරයේ ඔබයි
ඔබයි හමුවුණා

මමයි හමුවුණා
ඔබයි හමුවුණා

මමයි හමුවුණා
ඔබයි හමුවුණා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Malawunge Nagare Song Lyrics - මළවුන්ගේ නගරයේ ගීතයේ පද පෙළ Malawunge Nagare Song Lyrics - මළවුන්ගේ නගරයේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 26, 2021 Rating: 5

0 comments:

Post a Comment