Digital Premaya Song Lyrics - ඩිජිටල් ප්‍රේමය ගීතයේ පද පෙළ

Digital Premaya Song Lyrics - ඩිජිටල් ප්‍රේමය ගීතයේ පද පෙළ
Song Title : Digital Premaya (ඩිජිටල් ප්‍රේමය)
Vocals : Rashinie Gamage
Music & Melody : Stereomiinds
Lyrics : Hasitha Nethmina
Mixing & Mastering : Stereomiinds 
Recording Studio : Absolut E-Audio Productions
Lyric Video : Akila Samarawickrama @ A∞ Studios


හැඟුම් උතුරන අවකාශේ
මා හද රඟහල් තැනුවා
නුහුරු මානෙක දුටු නුඹගේ
පෙම් දැහැනට සිත බැඳුනා

සිතුසේ පිදෙනා පෙම් වදනින් සිත් යාවුනා
වදනින් සිත් යාවුනා
රිසිසේ ඇඳෙනා පෙම් සිතුවම් හද රැවටුව
 සිතුවම් හද රැවටුවා

මා රහසේ වී හීන මැව්වා
ඔබෙ දෙතොලේ රැඳි ඒ පෙම් 
මදහස රෑ සිහිනෙන් සෙව්වා
දෙනෙතේ ඇඳි ඒ මායම් රූ
ආලෙන් රහස් කීවා
පැතුමන් අවතැන් වූ මානෙක මා හද පාවුනා

මා රහසේ වී හීන මැව්වා
ඔබෙ දෙතොලේ රැඳි ඒ පෙම්
මදහස රෑ සිහිනෙන් සෙව්වා
දෙනෙතේ ඇඳි ඒ මායම් රූ
ආලෙන් රහස් කීවා
පැතුමන් අවතැන් වූ මානෙක හද මංමුලා වූවා

දැවෙන කතරක නෙතු අඳවී
ඔබ පෙව් මීවිත සෙව්වා
හුදකලාවේ මුව ගොලුවී
තනිවී රහසින් හැඩුවා

මා හදේ වැයෙනා පෙම් රස ගී හඬ නෑසුනා
ගී හඬ නෑසුනා
දෙතොලේ සිනහා වැල්
ගැලු කඳුලින් සේදුනා
කඳුලින් සේදුනා

මා රහසේ වී හීන මැව්වා
ඔබෙ දෙතොලේ රැඳි ඒ පෙම් 
මදහස රෑ සිහිනෙන් සෙව්වා
දෙනෙතේ ඇඳි ඒ මායම් රූ
ආලෙන් රහස් කීවා
පැතුමන් අවතැන් වූ මානෙක මා හද පාවුනා

මා රහසේ වී හීන මැව්වා
ඔබෙ දෙතොලේ රැඳි ඒ පෙම්
මදහස රෑ සිහිනෙන් සෙව්වා
දෙනෙතේ ඇඳි ඒ මායම් රූ
ආලෙන් රහස් කීවා
පැතුමන් අවතැන් වූ මානෙක හද මංමුලා වූවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Digital Premaya Song Lyrics - ඩිජිටල් ප්‍රේමය ගීතයේ පද පෙළ Digital Premaya Song Lyrics - ඩිජිටල් ප්‍රේමය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 26, 2021 Rating: 5

0 comments:

Post a Comment