කරාබු [Karabu] (Syzygium Aromaticum)

කරාබු [Karabu] (Syzygium Aromaticum) - Your Choice Way
🌿 කරාබු මීටර් 15 දක්වා උසට අතු පැතීරි වැඩෙන මධ්‍යම ප්‍රමාණයේ ශාකයකි. 

🌿 කුඩා අතු එකතු වී සෑදෙන මුදුන පිරමීඩාකාර හැඩයක් ගනී. සිනිඳු පොත්ත ළා කහ පැහැති ය. සරල පත්‍ර සම්මුඛව පිහිටා තිබේ. තියුණු තුඩක් සහිත පත්‍රයක් සෙ.මි. 12 පමණ දිගට වර්ධනය වේ.

🌿 පත්‍රවල දෙපසම සිනිඳු වන අතර උඩු පෘෂ්ටය දිලිසෙන සුලු ය. අග්‍රස්ථීයව හට ගන්නා පුෂ්ම මංජරිය කුඩා සංයුක්ත බහු අක්ෂයකි. 

🌿 ද්වීලිංගික මල් කහ පැහැයට හුරු සුදු සුදු පැහැති ය. මල් කැකුලු කොළ පැහැයෙනුත්, මල් පිපෙන අවස්ථාවේ සුදු පැහැයට හුරු කහ පැහැයෙනුත් දක්නට ලැබේ. 

🌿 දම් පැහැති මාංසල ඵලය ඉදුණු පසු කළු පැහැයක් ගනී. එක් ඵලයක් තුල එක් බීජයක් පිහිටා තිබේ. 

🌿 Myrtaceae උද්භිද කුලයට යත් ශාක විශේෂයක් වන කරාබු ඉන්දුනීසියාවේ මලුකු හෙවත් මලක්කා දූපත්වලට ආවේණික වන අතර අප රටට හඳුන්වාදී, ආර්ථික භෝගයක් ලෙස වගාකර ඇත.

🌿 කරාබු ආර්ථික බෝගයක් ලෙස අස්වනු සැකසීමේදී පිපීමට ආසන්න අවස්ථාවේ ඇති මල් පොකුරු කඩා අතින් ඇට (මල් කැකුළු) වෙ න්කර ගත යුතුය. 

🌿 එවා අව්වේ හෝ වියළන යන්ත්‍ර ආධාරයෙන් වියළා වෙළඳපලට යැවේ.

🌿 ඇට ඉවත්කර ගත පුෂ්ප මංජරිය ද වියළා අඩු මිලක් යටතේ අලෙවි කළ හැකිය. ඒවා කරාබු තෙල් නිස්සාරණය සඳහා යොදා ගනී.

🌿 අජීර්ණ, අරුචි, බඩ පිපුම, කුසගිනි මදිකම, වමන, ළදරු වමන, ගර්භනී වමන, ළදරුවන්ගේ බඩ බුරුලෙන් යෑමට සහ බඩ රුදාව, පණු විසූචිකා, සෙම් රෝග, කැස්ස, හික්කා, ප්‍රතිශ්‍යාව නිසා හටගත් හිසරුදා, මුඛ සහ උගුරේ ආබාධ, දත් කැක්කුම, විදුරුමස්දියවීම, නින්ද නොයාම, වාතරෝග ආදීයට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රධාන වශයෙන් කරාබු නැටි හෙවත් වියළාගත් මල් කැකුළු සහ කරාබු තෙල් භාවිතා කරයි. 

🌿 කරාබු ආහාර රුචිය වඩවන, මුඛය සහ අක්මාව උත්තෙජනය කරන, සෙම ඉවත්කරන, මුත්‍රකාරක, හෘදය සහ රුධිර ධාවනය උත්තේජනය කරන, මව්කිරි ශෝධනය කරන, නිද්‍රාකාරක, වේදනා නාශක ගුණ සහිතයි.

🌿 ප්‍රතිශ්‍යාව නිසා හටගත් හිසේ වේදනව සමනය කිරීමය කරාබුනැටි අඹරා නලලේ ආලේප කරයි. හපා යුෂ ගිලීම මුඛ හා උදර රෝගවලට ගුණදායක ය. 

🌿 කණේ කැක්කුමට කරාබු තෙල් පුලුන්වල පොඟවා කණේ තැබිය යුතුය. 

🌿 දත් කැක්කුමට කරාබු කොළ නටුව හෝ අමු කරාබු කැකුලක් සපා දතේ තබාගෙන සිටිය යුතුය. 

🌿 ඇඟලි තැළුණු විට කරාබු නැටි ඇල්වතුරින් අඹරා අලේප කර රෙදි කඩකින් බැඳ තබයි. 

🌿 ළදරුවන්ගේ වමනයට කරාබු නැටි තැම්බූ වතුරට සීනි මිශ්‍රකර වරින් වර ටික ටික පෙවිය යුතුය.

🌿 ළදරුවන්ගේ බඩ බුරුලෙන් යෑමට සහ බඩේ කැක්කුමට සාදික්කා, කරාබු, සූදුරු, කළාඳුරු අල සමව ගෙන කොටා චූර්ණකර බීමට දෙයි. අතීසාරයට කරාබුනැටි, කුරුඳු, සූදුරු සහ කළාඳුරු අල සමව ගෙන හොඳින් වියළා කුඩුකරගත් චූර්ණය තේ හැන්දක ප්‍රමාණය මී පැණි සමඟ ගත යුතුය.

🌿 වියලාගත් කරාබු නැටි රස සහ සුවඳකාරකයක් ලෙස ආහාර පිසීමේදීත්, කැවිලි වර්ග, බීම වර්ග රසවත් කිරීමටත් යොදා ගනී. 

🌿 කරාබු තෙල් දන්ත වෛද්‍ය විද්‍යාවට අවශ්‍ය නිපැයුම් සඳහාත්, සුවඳ විලවුන්, සුවඳ සබන් වැනි නිශ්පාදන සඳහා භාවිතා කරයි. අමු හෝ වියළි කරාබු කොළ ගිනි කබලකට දමා දුම් ඇල්ලීමෙන් මදුරුවන් පලවා හැරිය හැකිය.

මූලාශ්‍ර ඖෂධීය ශාක සංග්‍රහය සහ අන්තර්ජාලයෙන්
කරාබු [Karabu] (Syzygium Aromaticum) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කරාබු [Karabu] (Syzygium Aromaticum) කරාබු [Karabu] (Syzygium Aromaticum) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 28, 2021 Rating: 5

0 comments:

Post a Comment