කළුදුරු (Kaluduru - Nigella Sativa)

කළුදුරු (Kaluduru - Nigella Sativa) - Your Choice Way
🌿 කළුදුරු ශක්තිමත් වාර්ෂික ශාකයකි. 

🌿 අඩි 2-4 දක්වා සාමාන්‍ය උසැති එහි කඳ සෘජුය. පත්‍ර සිහින් ලෙස බෙහෙවින් බෙදී ඇත. 

🌿 සිත්කලු වූ පුෂ්පයෙහි දල වැනි වූ පතනශීල මණි පත්‍ර 5 ක් ඇත. දලවල කුහර සහිත නඛර හෙවත් නියපොතු වැනි අවයව දක්නට ලැබේ. 

🌿 3-10 දක්වා සංඛ්‍යාවක් ඇති අණ්ඩප පාදස්ථ ප්‍රදේශයෙහි තනි කුහරයක් සාදමින් මේ නඛර සමග සම්බන්ධ වේ. 

🌿 කළුදුරු ඇට සුවඳවත්ය. කළු පාටය. ඒවායින් ඖෂධීය තෙලක් සිඳිනු ලැබේ. 

🌿 කළුදුරු ශාකය Ranunculaceae කුලයට අයත්ය.

ඖෂධීය වටිනාකම
🌿 කළුදුරු සැ රය. ඌෂ්ණය. කුරුමිණි රෝග, පිත් රෝග, ඉදිමුම්, අජීර්ණ රෝග නසයි. ආහාර රුචිය ඇති කරයි.

🌿 ඇසට හිතකරය. මල බැඳීම සිදුකරයි. 

🌿 විවිධ උණ, කුසගිනි අඩුකම හා ප්‍රතිෂ්‍යාදී රෝගයනට ප්‍රතිකාර කිරීමේදී කළුදුරු වෙනත් ඖෂධ වර්ග සමග යොදනු ලැබේ. 

🌿 ඇතැම් ප්‍රදේශවල ක්ෂුද්‍රජීවීන්ගෙන් සහ කාවුන් වැනි කෘමීන්ගෙන් ආරක්ෂා කරගනු පිණිස රෙදි අතරට කළුදුරු ඉසිනු ලැබේ. 

🌿 කළුදුරු ඇටවලින් සිඳගන්නා තෙල් විවිධ රෝගයන්ට ප්‍රතිකාර වශයෙන් භාවිතා කෙරේ. 

🌿 ගම්බද පළාත්වල තැඹිලි තෙල් හා පොල් තෙල් ආදියට කළුදුරු ඇට ස්වල්පයක් දමා පරණ කොට ඒ තෙල හිසට දැමීමේ පුරුද්දක් පවතී. 

🌿 බොහෝ විට ඊට සැවැන්දරා මුල් ටිකක්ද එක් කිරීමෙන් තෙල්වල ගුණය හා සුවඳ වැඩි කරනු ලැබේ.

ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක කෘතිය ඇසුරිනි සරත් රණවීර සහ රේඛා රණවීර සේයාරූ අන්තර්ජාලයෙන්
කළුදුරු (Kaluduru - Nigella Sativa) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කළුදුරු (Kaluduru - Nigella Sativa) කළුදුරු (Kaluduru - Nigella Sativa) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 22, 2021 Rating: 5

0 comments:

Post a Comment