Hanthana Desin Ena Song Lyrics - හන්තාන දෙසින් එන ගීතයේ පද පෙළ

Hanthana Desin Ena Song Lyrics - හන්තාන දෙසින් එන ගීතයේ පද පෙළ
Song Title : Hanthana Desin Ena (හන්තාන දෙසින් එන)
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : සුදත් ගාමිණී බණ්ඩාර
සංගීතය : විශාරද ගුණදාස කපුගේ


හන්තාන දෙසින් එන මෘදු සීත සුළං රැළි..
ඔබ තාම හොදින් හදුනනවානම්..
මේ පහන ඔබේ සුරතින් දැල්වූ..
මං බොහොම ප්‍ර‍වේසම් කර ගන්නම්...//

සංසාර පුරුද්දට දෝ මන්දා
ගංඟාව ශෝකයෙන් වැළපෙනවා...//
මම තාම මහාවැලි ගංඉවුරේ
වැලි පාර දිගේ හවසට යනවා..

තනිවී අද මා මේ වැව රවුමේ
දළඳා පෙරහැර සිරි නරඹනවා...//
මහ සෙනඟ අතර නුඹ කොතැනකහෝ
එහි හිදිනු ඇතැයි නිකමට සිතුනා..

හන්තාන දෙසින් එන මෘදු සීත සුළං රැළි..
ඔබ තාම හොදින් හදුනනවානම්..
මේ පහන ඔබේ සුරතින් දැල්වූ..
මං බොහොම ප්‍ර‍වේසම් කර ගන්නම්...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hanthana Desin Ena Song Lyrics - හන්තාන දෙසින් එන ගීතයේ පද පෙළ Hanthana Desin Ena Song Lyrics - හන්තාන දෙසින් එන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 05, 2021 Rating: 5

0 comments:

Post a Comment