අයිස් කොෆී එකක් හදමු (Iced Coffee)

අයිස් කොෆී එකක් හදමු (Iced Coffee) - Your Choice Way

අවම පිරිවැයකින් අයිස් කොෆී එකක් 🍺 👌
 

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • කෝපි කුඩු මේස හැඳි 3 ක් (මට අද ක්ෂණික කෝපි තිබුනෙ නැහැ)
  • සීනි මේස හැඳි 4 ක් 
  • නැවුම් කිරි මිලි ලීටර් 500 (පිටි කිරි හදල ශීත කරල ගන්නත් පුළුවන් .මිල්ක්මේඩ් ගන්නත් පුළුවන්)
  • වැනිලා ස්වල්පයක් 
  • වැනිලා අයිස් ක්‍රීම් 
  • අයිස් කැට ටිකක්
  • කෝපි එසෙන්ස් ස්වල්පයක් (අවශ්‍යම නැහැ)

✅ සාදා ගන්නා ආකාරය :

  1. මුලින්ම කෝපි ටිකට සීනි මේස හැඳි 4 ක් සමග උණු වතුර මේස හැඳි 3 ක් දාල ක්‍රීම් එකක් වගේ වෙන තුරු විස්ක් කරන්න. (එහෙම නැතුව හදන්නත් පුළුවන්.හැබැයි මේ ක්‍රමයට හැදුවම ගොඩක්ම රසයි 😋)
  2. දැන් කෝපි ක්‍රීම් එක,ශීත කරපු කිරි,වනිලා කෝපි එසෙන්ස් තියේනම් ඒ සියල්ලම බ්ලෙන්ඩර් කප් එකට දාල හොඳට බ්ලෙන්ඩ් කරන්න.(කිරි වලට අවශ්‍ය ප්‍රමාණයට සීනි එකතු කරලම බ්ලෙන්ඩ් කරන්න.මම කුකින් බ්ලෙන්ඩ් එකේ හදපු නිසා Ice cream mode දාල බ්ලෙන්ඩ් කලේ. එත්කොට සුපිරියට එනවා.
  3. දැන් වීදුරු වලට අයිස් කැට ටිකක් දාල අයිස් කොෆී දාල උඩින් අයිස් ක්‍රීම් එකතු කරන්න. අමුත්තෙකුට සංග්‍රහ කරනවා නම් අයිස් ක්‍රීම් වලට උඩින් කෝපි කුඩු පොඩ්ඩක් ඉසින්න.
🔴 මට අද වැනිලා අයිස් ක්‍රීම් තිබුනෙ නැහැ. ඒකයි fruits & nuts එකතු කලේ. මේකට අනිවාර්යයෙන්ම වැනිලා අයිස් ක්‍රීම් එකතු අරන්න.චොකලට් ඒවා ගන්නත් එපා. මොකද එතකොට ස්වභාවික කෝපි රස යටපත් වෙනවා.

🔴 මිල්ක්මේඩ් ගන්නවානම් වරකට අයිස් කැටය ගානේ එක් කරමින් බ්ලෙන්ඩ් කරල කිරි එක හදා ගන්න.

👹️ කිරිපිටි ගන්නවා නම් පිට රට වලින් ගෙන්වන වහ කුඩු එහෙම ගන්න එපා. හයිලන්ඩ් හෝ පැලවත්ත විතරක්ම ගන්න. Fresh milk උනත් හයිලන්ඩ් හරි කොත්මලේ හරි ගන්න.

♦️ඉතින් ආයෙ දවසක මේ වගේ තවත් රසම රස රෙසිපි එකකින් හමුවෙමු. ඔයාල සියළුම දෙනාට නිදුක් නීරෝගී සුවයෙන් සැමකල් ජීවත් වීමට වාසනාව ලැබේවා කියල වෙනද වගේම අදත් හදවතින්ම ආශිර්වාද කරනව. උතුම් තෙරුවන් සරණයි සියළුම දෙනාට ☸ 
අයිස් කොෆී එකක් හදමු (Iced Coffee) - Your Choice Way

අයිස් කොෆී එකක් හදමු (Iced Coffee) - Your Choice Way

අයිස් කොෆී එකක් හදමු (Iced Coffee) - Your Choice Way

අයිස් කොෆී එකක් හදමු (Iced Coffee) - Your Choice Way

අයිස් කොෆී එකක් හදමු (Iced Coffee) - Your Choice Way


✍️ ගයාන් විදාන පතිරණ 
Lecturer in Management & English Language CA, IELTS Examiner, Ex-Banker, JP (All Island)
ඒ වගේම මේ තියෙන්නෙ මගේ Page එක.මේක English Language Page එකක්. ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අය ඉන්නවානම් Like එකක් දාල Join වෙන්න කියල ආරාධනා කරනවා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
අයිස් කොෆී එකක් හදමු (Iced Coffee) අයිස් කොෆී එකක් හදමු (Iced Coffee) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 05, 2021 Rating: 5

0 comments:

Post a Comment