හබල පෙති රයිස් හදමු (Habala Pethi Fride Rice)

හබල පෙති රයිස් හදමු (Habala Pethi Fride Rice) - Your Choice Way

බෝඩින් වෙලා ඉන්න අයට විශේෂයි 😋 

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • හබල පෙති කෝප්ප 2 ක් (ඕට්ස්)
  • සිහින්ව කපාගත් කැරට්, ලික්ස්, ගෝවා  
  • ලියාගත් රතු ළූණු ගෙඩි 4 ක්
  • තක්කාලි සොස් මේස හැඳි 2 ක්
  • (සෝස් ඉවරයි තක්කාලි ගෙඩියක් දැම්මා)
  • ගම්මිරිස් කුඩු තේ හැඳි 1 ක්
  • බිත්‍තර 1 ක්
  • කෑලි මිරිස් මේස හැඳි 1 ක්
  • ලුණු රස අනුව 
  • තලා ගත් සුදු ළූණ බික් 3ක්
  • අබ ස්වල්පයක් 
  • කරපිංචා කුරුදු රම්පෙ එනසාල් 
  • තලාගත් පොඩි ඉගුරු කෑල්ලක් 
  • තෙල් මේස හැඳි 4 ක්
👉 මෙහි සඳහන් වන්නෙ එක් අයෙක් සඳහා

✅ සාදා ගන්නා ආකාරය :

  1. මුලින්ම හබල පෙති විනාඩි 10ක් පෙගෙන්න තියලා හොඳට සෝදලා වතුර හොදින් මිරිකා ගන්න.
  2. දැන් භාජනයක් ලිපේ තියාලා තෙල් ටිකක් දාල රත්වීගෙන එද්දි අබ ටිකක් දමා පුපුරවා එයට කරපිංචා කුරුදු රම්පෙ එනසාල් එකතු කර සිහින්ව ලියා ගත් රතු ළූණු,තලාගත් සුදු ළූණු සහ ඉගුරු එකතු කරල හොඳට කවලම් කරන්න.
  3. ටිකක් තෙම්පරාදු උනාම බිත්තරය එකතු කරන්න.කෑලි මිරිස් ටිකත් එකතු කරල කැරට් සහ ගෝවා එකතු කරල අන්තිමට ලීක්ස් එකතු කරන්න. දැන් තක්කාලි සොස් සහ ලුණු එකතු කරන්න.
  4. සුවද හමන තුරු තෙම්පරාදු කර ගන්න.
  5. පසුව හබල පෙති ටික එකතු කර හොඳට කවලම් කරන්න.වැඩි වෙලාවක් ඕන නෑ.ඉක්මනට බා ගන්න.උඩින් ගම්මිරිස් ස්වල්පයක් ඉසින්න.
🔴 වෙනම භාජනයක තෙම්පරාදු කරන්න ඕන නෑ.බෝඩිමක වගේ ඉන්න කෙනෙක් නම් රයිස් කුකර් එකේම හදන්න.මම හැදුවෙ Multy funtional pressure cooker එකේ.ඒ තමයි මං ළඟ ඉන්න අළුත්ම රොබෝ 😃😃

🔴 බලන්න මේ ඕට්ස් වල තියෙන ගුණ 👇👇
ඕට්ස් කියන්නේ අපේ දරුවන්ට දෙන්න පුලුවන් බත් වලටත් වඩා ගුණදායක ආහාරයක් .....

ඕට්ස් කියලා කියන්නේ ලංකාවේ අම්මලා අතර එතරම් ප්‍රසිද්ධ නැති එහෙත් ඔබගේ දරුවන්ට දියහැකි ඉතාමත් ගුණාත්මක ආහාර වේලක්.බොහෝ විට ලංකාවේ අම්මලා දරුවන්ට දෙන්න කැමති බත් පමණයි. ඒත් බටහිර රටවල අම්මලා මෙම ඕට්ස් තමන්ගේ දරුවන්ට ලබා දෙන ප්‍රධානම ආහාරයක් .ඒ නිසා මේ පෝෂණීය ආහාරය ගැන මම අම්මලා දැනුවත් කරන්නම්. ඕට්ස් සමග හදන්න පුලුවන් කෑම වට්ටෝරු කිහිපයක් දෙන්නම්. එතකොට හිතේ බයක් නැතිව විශ්වාසයකින් ඔබටත් පුලුවන් මේ අගනා ආහාරය තමන්ගේ දරුවන්ට දෙන්න .මේ දේවල් අම්මලා වන ඔබට අලුත් අත්දැකීම් වෙයි.ඒත් අපේ වගකීම් තමයි හොදම දේ දරුවන්ට දෙන එක.

01. ඕට්ස් කියන්නෙ මොනවද?
ඇවෙනා සැටිවා (Avena Sativa) කියන ධාන්‍ය ගසෙන් ලබාගන්නා ධාන්‍ය වර්ගයක් ඕට්ස් කියන්නෙ. කැනඩාව, රුසියාව, ඇමරිකාව සහ ඔස්ට්‍රේලියාව වැනි රට වල ඕට්ස් නිෂ්පාදනය බහුල වශයෙන් සිද්ධ වෙනව.  ඕට්ස් මුලින්ම ආහාරයට එකතු කරගෙන තියෙන්නෙ බ්‍රිතාන්‍ය ජාතිකයන්. 

02. ඕට්ස් වර්ග මොනවද?
ස්ටීල් කට් ඕට්ස් – සම්පූර්ණ ඕට්ස් ධාන්‍ය ඇටය කුඩා කොටස් වලට කපනව. මේක පෙනුමෙන් කෑලි කැඩුන හාල් ඇට වගේ. පිසින්න වැඩි වෙලාවක් ගත වෙන මේ ඕට්ස් වර්ගය කැඳ විදියට හෝ බත් වෙනුවට පාවිච්චි කරන්නත් පුළුවන්.

රෝල්ඩ් ඕට්ස් – හබල පෙති වගේ පෙනුමකින් යුත් මේ ඕට්ස් වර්ගය තම්බා පෙති ස්වභාවයට තලලා තමා නිපදවන්නෙ. මේකෙත් වර්ග දෙකක් තියෙනව. තින් සහ තික් රෝල්ඩ් ඕට්ස් කියල. ස්ටීල් කට් ඕට්ස් වලට වඩා ඉක්මණින් සහ පහසුවෙන් පිසෙන නිසා බොහෝ දෙනෙක් මේ ඕට්ස් වර්ගය භාවිතා කරනව.දරුවන්ට මෙම රෝල්ඩ් ඕට්ස් ඉතාමත් සුදුසු වෙනවා .

ඉන්ස්ටන්ට් ඕට්ස් – කලින් පිස තුනී කර වියලා ගත් ඕට්ස් වර්ගයක්. අනිත් ඕට්ස් වලට වඩා ඉක්මණින්ම පිසගන්න පුළුවන්. කාර්යබහුල නමුත් සෞඛ්‍ය සම්පන්නව ආහාර ගන්න කැමති බොහෝ දෙනෙක් ඉන්ස්ටන්ට් ඕට්ස් එහෙමත් නැත්නම් ක්වික් ඕට්ස් භාවිතා කරනවා.

03. ඕට්ස් වල තියෙන ගුණ
ප්‍රධාන වශයෙන්ම තන්තුමය ගුණයෙන් යුත් ඕට්ස් වලින් දෛනික ෆයිබර් අවශ්‍යතාවයෙන් 44%ක් සපිරෙනව. මීට අමතරව බී විටමින් වර්ග කීපයක්, පොස්පරස්, මැග්නීසියම්, කැල්සියම් සහ පොටෑසියම් යන ඛණිජ වර්ගද ඕට්ස් වල යහමින් අඩංගුයි. හැබැයි මේ හැම දේකටම වඩා ඕට්ස් සෞඛ්‍යදායක ආහාරයක් කියල හඳුන්වන්න විශේෂ උන වෙනත් හේතුවක් තියෙනව. ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ ප්‍රෝටීන් විතරක් ගත්තාම ඇඟ හැදෙනවා කියලායි. ඒත් පේශි වර්ධනය වෙන්නට නම් ප්‍රෝටීන් වගේම කාබෝහයිඩ්‍රේට් සහ මේදයත් අවශ්‍ය වෙනවා. ඕට්ස් වලින් මේ දේවල් සියල්ලම අවශ්‍ය ප්‍රමාණවලින් ලබා දෙන අතර ස්වාභාවිකවම ශරීරයට ඉන් ශක්තිය ලබාදෙනවා.  ඒ වගේම ඕට්ස් දිනපතා ආහාරයට එක් කරගැනීමෙන් ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් (LDL) මට්ටම සැලකිය යුතු මට්ටමකින් පහත හෙලෙන එක. මීට අමතරව රුධිරගත සීනි මට්ටම අඩු කිරීමටත් ඕට්ස් දායකත්වය ලබාදෙනව.

ඒ වගේම අපේ ශරීරයට දිනකට අවශ්‍ය සම්පූර්ණ පෝෂක ද්‍රව්‍ය වලින් සියයට 191ක් ම පමණ ඕට්ස් කෝප්ප බාගයක අඩංගු වෙන බව ඔබ දන්නවාද? අපි කලින් කිව්වා වගේ එයින් 15%ක්ම විතර ප්‍රෝටීන් තිබෙනවා. ඉතිරියෙහි ශරීරයට අවශ්‍ය මැංගනීස්, පොස්පරස්, මැග්නීසියම්, මෙම පෝෂණ සංඝටක බහුල නිසාම ලොව පුරා සෞඛ්‍ය සංවිධාන පවා ඕට්ස් ආහාරයට ගැනීම අනුමත කරනවා. ඕට්ස් ග්‍රෑම් 100ක: ප්‍රෝටීන් 16.9g ක් , කාබෝයහයිඩ්‍රේට 66.3g ක්, තන්තු 10.6g ක්, මේදය 6.9g ක්, සංතෘප්ත මේදය 1.22g ක්, ඔමෙගා-3 0.11g ක්, ඔමෙගා සික්ස් (6) 2.42g ක් අඩංගු වෙනවා. ඕට්ස්වල සීනි අන්තර්ගතය ඉතාම අඩුයි. එහි සුක්‍රෝස් 1%ක් පමණයි ඇතුලත් වෙන්නේ

04. මගේ දරුවට ඕට්ස් දෙන්න පුලුවන්ද?
ඇත්තටම ඕට්ස් කුඩා දරුවන්ට දීමේදී බත් වලට වඩා සුදුසුයි. බත් එක්ක සන්සන්ධනය කරද්දී ඕට්ස් ගොඩක් සැහැල්ලුයි. පොඩ්ඩට එය පහසුවෙන් දිරවන්න පුළුවන්. ඒ වගේම හොඳ ශක්තියක් ලබා දෙනවා. මේ ප්‍රතිලාභ වලට අමතරව ඕට්ස් කියන්නේ දරුවන්ට අසාත්මික නොවෙන එහෙම නැත්නම් allergic reactions ඉතාම අඩු ආහාරයක්.

ඕට්ස් කියන්නේ කැල්සියම්, යකඩ, පොස්පරස්, මැග්නීසියම්, පොටෑසියම්, සෝඩියම්, සින්ක් වගේ ඛනිජ ලවන සහිත ආහාරයක් . මේ හැම ඛනිජ වර්ගයක්ම, දරුවට වෙන වෙනම සෞඛ්‍යය  ප්‍රතිලාභ අත්කරලා දෙනවා. උදාහරණ ලෙස කැල්සියම් සහ පොස්පරස් බබාගේ අස්ථි වර්ධනයට අත්‍යවශ්‍යයි. හිමොග්ලොබින් නිපදවීමට යකඩ ඉවහල් වෙනවා. මැග්නීසියම් ශක්තිය උපදවනව විතරක් නෙවෙයි, කිරි කැටියගේ දත් සහ අස්ථි වලට උපකාර කරනවා. මොලයේ සහ ස්නායු පද්ධතියේ පවතින විද්‍යුත් ක්‍රියා වලට, පොටෑසියම් සහ සෝඩියම් අත්‍යවශ්‍යයි.

තයමින්, නියාසින්, ෆොලේට් , විටමින් B 6 , විටමින් K, විටමින් E වගේ විටමින් වර්ග ඕට්ස් වල බහුලයි. මේ හැම විටමින් වර්ගයක්ම දරුවාගේ ශාරීරික සහ මානසික වර්ධනයට අත්‍යවශ්‍යයි.

 දරුවාගේ සෞඛ්‍යය තත්වය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය ප්‍රති ඔක්සිකාරක එහෙම නැත්නම් Antioxidants ඕට්ස් ධාන්‍යයෙ අඩංගු වෙනවා.

ඕට්ස් ග්‍රෑම් 100 ක් මගින් කැල් 400 ක පමණ ශක්තියක් ලබා දෙනවා. මෙය මේ වර්ගයේ අනෙක් ආහාර එක්ක සන්සන්ධනය කරද්දී, ඉතා විශාල අගයක්. දරුවන්ගේ මේ කාලේ සිදුවෙන ශීග්‍ර වර්ධනයට ශක්තිය ගොඩක් වැදගත්.

පුදුමයක් වගේ කොතරම් ශක්තිමත් ආහාරයක් වුනත්, ඕට්ස් දිරවීම ඉතාම පහසුයි. මේ නිසා, දරුවාගේ ආහාර ජීර්ණ පද්ධතියට, දැඩි පීඩනයක් එල්ල වෙන්නෙත් නැහැ.

ඕට්ස් වල අඩන්ගු විටමින්, අනිවාර්යයෙන්ම, දරුවා ලෙඩ රෝග වලින් ආරක්ෂා කර ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා.

ඕට්ස් වල තන්තු බහුලව අඩංගු වෙනවා. එය දරුවාගේ මලපහ නිසි ලෙස පිටවීමට හේතුවක්.. මේ නිසා දරුවගේ කුසගින්න, හොඳින් ඇති වෙනවා.

මෙම ඕට්ස් ඔබගේ කුඩා දරුවන්ට  සාමාන්‍යයෙන් මාස 7-8 වගේ සිටම දෙන්න පුලුවන් . (අන්තර්ජාලය ඇසුරෙන්)

♦️ඉතින් ආයෙ දවසක මේ වගේ තවත් රසම රස රෙසිපි එකකින් හමුවෙමු. ඔයාල සියළුම දෙනාට නිදුක් නීරෝගී සුවයෙන් සැමකල් ජීවත් වීමට වාසනාව ලැබේවා කියල වෙනද වගේම අදත් හදවතින්ම ආශිර්වාද කරනව 
උතුම් තෙරුවන් සරණයි සියළුම දෙනාට ☸ 

✍️ ගයාන් විදාන පතිරණ 
Lecturer in Management & English Language CA, IELTS Examiner, Ex-Banker, JP (All Island)


හබල පෙති රයිස් හදමු (Habala Pethi Fride Rice) - Your Choice Way

හබල පෙති රයිස් හදමු (Habala Pethi Fride Rice) - Your Choice Way

හබල පෙති රයිස් හදමු (Habala Pethi Fride Rice) - Your Choice Way

හබල පෙති රයිස් හදමු (Habala Pethi Fride Rice) - Your Choice Way

හබල පෙති රයිස් හදමු (Habala Pethi Fride Rice) - Your Choice Way

හබල පෙති රයිස් හදමු (Habala Pethi Fride Rice) - Your Choice Way

හබල පෙති රයිස් හදමු (Habala Pethi Fride Rice) - Your Choice Way


හබල පෙති රයිස් හදමු (Habala Pethi Fride Rice) - Your Choice Way

හබල පෙති රයිස් හදමු (Habala Pethi Fride Rice) - Your Choice Way

💥 බොහෝ දෙනෙක්ගෙ ඉල්ලීම නිසා වැඩ රාජකාරි අතරතුර උනත් ඔන්න මගේම කියල group එකක් හැදුවා.විශේෂයෙන් මේක නම් හැදුවේම මගේ ආදරණීය සිසු සිසුවියන් වෙනුවෙන්. මොකද පොතේ පතේ දැනුම වගේම උයන පිහන දෙයත් ගැහැණු පිරිමි දෙපාර්ෂවයම සාමාන්‍යයෙන් හෝ ප්‍රගුණ කළ යුතුයි. ඉතින් මෙම group එකේ ඉන්න ගෞරවාන්විත මහත්ම මහත්මීන් හැමෝටම ඉතා ආදරණීය ලෙස ආරාධනා කරනවා පහත link එකෙන් මගේ group එකට සම්බන්ධ වෙලා ඔයාල උයන පිහින දේවල් එහි පල කරන්න කියල.ඒක අනාගත පරපුර වෙනුවෙන් කරන මහඟු දායාදයක් වනු ඇත.
මගේ group එකේ link එක ⬇️⬇️

👇 ඒ වගේම මේ තියෙන්නෙ මගේ Page එක.මේක English Language Page එකක්. ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අය ඉන්නවානම් Like එකක් දාල Join වෙන්න කියල ආරාධනා කරනවා.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
හබල පෙති රයිස් හදමු (Habala Pethi Fride Rice) හබල පෙති රයිස් හදමු (Habala Pethi Fride Rice) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 10, 2021 Rating: 5

0 comments:

Post a Comment