මිදි වයින් හදමු (Grapes Wine)

මිදි වයින් හදමු (Grapes Wine) - Your Choice Way

ගෙදරදීම නත්තලට මිදි වයින් හදමුද?කව්ද කැමැති නේද ලොකු මිලක් දීල වයින් බෝතලයක් ගන්න.ඉතිං ඊට වඩා ගෙදරදීම ඒක තමන්ගේ අතින් හදන්න පුළුවන් කොච්චර හොදද නේද..නත්තල් කියන්නේ ගෙදරක ජයටම සමරන උත්සවයක් නේ.ඒ නිසා ගෙදරට එන අමුත්තන්ට මෙදා පාර සංග්‍රහ කරන්න ඔයා අතින්ම හදපු වයින්.ඉතිං වයින් හදන්න ටික කාලයක් යන නිසා මට හිතුනා හදන විදිය දැම්ම දාන්න ඕනේ කියලා අපේ යාලුවන්ට හදන්න.හරිම සරලව රෙසපියක් දැම්මා ඔන්න.හිතනවා ඔයාල ගැටලුවක් නැතුව හදයි කියලා .ඔන්න එහෙනම් දැන්ම වැඩේ  පටන් ගන්න.. හදලා රසත් කියන්න.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • මිදි කිලෝ ග්‍රෑම් 1(ඇට ඉවත් කරගත් )
  • සීනි කිලෝ ග්‍රෑම්  1 1/2 
  • තිරිගු ඇට ග්‍රෑම් 250
  • යීස්ට් මේස හැදි 1 1/2
  • කුරුදු කැබැල්ලක් 
  • කරාබු නැටි 7ක් 8ක්
  • කරදමුංගු 7ක් 8ක්
  • උණු කර නිවා ගත් වතුර බෝතල් 6

✅ සාදා ගන්නා ආකාරය :

  1. ගැඹුරු ලොකු වීදුරු බෝතලයක් ගන්න .
  2. මිදි සෝදා බෝතලයට දමා තලා ගන්න .
  3. දැන් සීනි දමා සීනි දිය වනතෙක් හැදි ගාන්න .(ලී හැන්දක් භාවිතා කරන්න )
  4. යීස්ට් ,කරදමුංගු ,කරාබු නැටි ,කුරුදු කැබැල්ල,තිරිගු ඇට හා නිවා ගත් වතුර ද එක් කර හොදින් මිශ්‍ර කර බෝතලයේ කට වසා ගන්න .
  • දවස් 21 මෙසේ තබා ගත යුතු අතර සෑම දිනකම බෝතලයේ පියන විවෘත කර හොදින් මිශ්‍ර කරන්න .
  • දවස් 21 සම්පූර්ණ වූ විට ද හොදින් මිශ්‍ර කර පෙරා බෝතල් වලට දමා භාවිතයට ගන්න .
මිදි වයින් හදමු (Grapes Wine) - Your Choice Way
Chef Nadee (නදී අමරසිංහ)
Page එක Like කරලා Share කරන්නත් අමතක කරන්න එපා.

Chef Nadee
𝑪𝒂𝒌𝒆𝒔 𝒂𝒓𝒆 𝑺𝒑𝒆𝒄𝒊𝒂𝒍 𝑬𝒗𝒆𝒓𝒚 𝑩𝒊𝒓𝒕𝒉𝒅𝒂𝒚 ,𝑬𝒗𝒆𝒓𝒚 𝑪𝒆𝒍𝒆𝒃𝒓𝒂𝒕𝒊𝒐𝒏 𝑬𝒏𝒅𝒔 𝒘𝒊𝒕𝒉 𝒔𝒐𝒎𝒆𝒕𝒉𝒊𝒏𝒈 𝒂 𝑪𝒂𝒌𝒆 & 𝒑𝒆𝒐𝒑𝒍𝒆 𝒓𝒆𝒎𝒆𝒎𝒃𝒆𝒓 𝑰𝒕'𝒔 𝒂𝒍𝒍 𝒂𝒃𝒐𝒖𝒕 𝒕𝒉𝒆 𝒎𝒆𝒎𝒐𝒓𝒊𝒆𝒔!
# 𝙹𝚊𝚛 𝙲𝚊𝚔𝚎𝚜
# 𝙲𝚞𝚙𝚌𝚊𝚔𝚎𝚜
# 𝙱𝚒𝚛𝚝𝚑𝚍𝚊𝚢 𝙲𝚊𝚔𝚎𝚜
# 𝚆𝚎𝚍𝚍𝚒𝚗𝚐 𝚂𝚝𝚛𝚞𝚌𝚝𝚞𝚛𝚎𝚜
𝘊𝘩𝘦𝘧 𝘕𝘢𝘥𝘦𝘦 𝘈𝘮𝘢𝘳𝘢𝘴𝘪𝘯𝘨𝘩𝘦
Chef Nadee - Click Here (DM to Orders,Promotions & Collaborations.)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මිදි වයින් හදමු (Grapes Wine) මිදි වයින් හදමු (Grapes Wine) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 13, 2021 Rating: 5

0 comments:

Post a Comment