මිලියන හතළිහකට අධික මිනිසුන් පිරිසක් ඝාතනය කොට ඉතිහාසයේ විශාලතම අධිරාජ්‍යය පිහිටු වූ ජෙන්ගිස් ඛාන් (Genghis Khan)

මිලියන හතළිහකට අධික මිනිසුන් පිරිසක් ඝාතනය කොට ඉතිහාසයේ විශාලතම අධිරාජ්‍යය පිහිටු වූ ජෙන්ගිස් ඛාන් (Genghis Khan) - Your Choice Way
මොන්ගෝලියානු නායක ජෙන්ගිස් ඛාන් (1162-1227) කුඩා තැනකින් ආරම්භ වී ඉතිහාසයේ විශාලතම අධිරාජ්‍යය පිහිටුවීමට සමත් වූ පුද්ගලයෙකි.  මොන්ගෝලියානු සානුවේ වෙසෙන ගෝත්‍රිකයන් එක්සත් කිරීමෙන් පසු ඔහු මධ්‍යම ආසියාවේ සහ චීනයේ විශාල කොටස් අත්පත් කර ගත්තේය.  ඔහු අධිරාජ්‍යය තව දුරටත් පුළුල් කරමින් පෝලන්තය, වියට්නාමය, සිරියාව සහ කොරියාව වැනි දුර බැහැර ප්‍රදේශ කරාද ගමන් කළේය.  මොංගෝලියානුවන් ඔවුන්ගේ උච්චතම අවස්ථාවේ දී වර්ග සැතපුම් මිලියන 11 ත් 12 ත් අතර ප්‍රමාණයක් පාලනය කළහ. එය අප්‍රිකාවේ ප්‍රමාණයට සමාන ප්‍රදේශයකි. 

ජෙන්ගිස් ඛාන්ගේ ආක්‍රමණ අතරතුර බොහෝ මිනිසුන් ඝාතනය කරන ලදී. වාර්තා වල සදහන් පරිදි මිලියන 40 ක ජනතාවක් ඔහු විසින් ඝාතනය කරන ලදි, එය එම කාලයේ ලෝක ජනගහනයෙන් 10% පමණ විය හැකි යැයි ගනන් බලා තිබේ. නමුත් ඔහු තම යටත්වැසියන්ට ආගමික නිදහස ලබා දුන්නේය, වධහිංසා අහෝසි කළේය, වෙළඳාම දිරිමත් කිරීම සහ පළමු ජාත්‍යන්තර තැපැල් ක්‍රමය ද නිර්මාණය කළේය.  1227 දී චීන රාජධානියේ ෂී ෂියාට එරෙහි යුද්ධයක් අතරතුර ජෙන්ගිස් ඛාන් මිය ගියේය. ඔහු මිහිදන් කල ස්ථානය අදටද අභිරහසකි.

තෙමූජින් (පසුව ජෙන්ගිස් ඛාන්) උපත ලැබුවේ 1162 දී පමණ නූතන මොන්ගෝලියාව සහ සයිබීරියාව අතර දේශ සීමාව අසල ය.  පුරාවෘත්තයට අනුව ඔහු ලෝකයට පැමිණියේ ඔහුගේ දකුණු අතේ ලේ කැටියක් අල්ලාගෙන ය.  ඔහුගේ මව පියා විසින් පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් විවාහ කර ගෙන ඇති බවටද සදහන් වේ. එකල මධ්‍යම ආසියානු ගෝත්‍රිකයන් දුසිම් ගනනක් නිරන්තරයෙන් එකිනෙකා සමඟ සටන් කරමින්, සොරකම් කරමින් සිටි අතර, තෙමූජින්ගේ ජීවිතයද ප්‍රචණ්ඩකාරී සහ අනපේක්ෂිත විය.  ඔහුට වයස අවුරුදු 10 ක් වීමට පෙර ඔහුගේ පියා සතුරු වංශයක් විසින් දෙන ලද වසක් පානය කොට මිය යන ලදී. තෙමූජින්ගේම වංශය ඔහු, ඔහුගේ මව සහ සහෝදර සහෝදරියන් හයදෙනා අතහැර දමා ගියේ ඉන් පසුවය.

ටික කලකට පසු, තෙමූජින් සිය වැඩිමහල් සහෝදරයා මරා දරිද්‍රතාවයෙන් පෙළෙන පවුලේ ගෘහ මූලිකයා ලෙස වැඩ භාර ගත්තේය.  එක් අවස්ථාවකදී, ඔහු අතහැර ගිය ඔහුගේ වංශය විසින් ඔහුව අල්ලා වහල්භාවයට විකුණන ලද නමුත් අවසානයේ ඔහුට ඉන් පැන යාමට හැකි විය.

1178 දී තෙමුජින් බෝර්ට් නම් කාන්තාවක් සමඟ විවාහ වූ අතර ඔහුට පුතුන් සිව්දෙනෙකු හා දියණියන් කිහිප දෙනෙක් සිටියහ. ඔහු ඉක්මනින්ම මිත්‍රකම් ඇති කර ගැනීමටත්, රණශූරයෙකු ලෙස කීර්තියක් ගොඩනඟා ගැනීමටත්, වැඩි වැඩියෙන් අනුගාමිකයින් ආකර්ෂණය කර ගැනීමටත් පටන් ගත්තේය. 

චාරිත්රයට පටහැනිව, තෙමූජින් නෑදෑයින් ට වඩා දක්ෂ සගයන් ප්රධාන තනතුරුවලට පත් කර සතුරු ගෝත්‍ර නායකයින් ඝාතනය කළ අතර, ඉතිරි වූ සාමාජිකයන් ඔහුගේ වංශයට ඇතුළත් කර ගන්නා ලදී. සම්පූර්ණ ජයග්‍රහණයක් ලැබෙන තෙක් කිසිවක් කොල්ලකන්න එපා යැයි ඔහු නියෝග කළ අතර, ඔහු තම රණශූරයන් නෑදෑකම් නොසලකා 10 ක ඒකකවලට සංවිධානය කළේය. ඔහුගේ අනුගාමිකයින් ලෙස කිතුනුවන්, මුස්ලිම්වරුන් සහ බෞද්ධයන්ද ඇතුළත් විය.

1205 වන විට ඔහු ඔහුගේ හිටපු හොඳම මිතුරා වූ ජමුකා ඇතුළු ඔහුගේ සියලු ප්‍රතිවාදීන් පරාජය කළේය.  ඊළඟ වසරේදී ඔහු භූමියේ සෑම ප්‍රදේශයකින්ම නියෝජිතයින්ගේ රැස්වීමක් කැඳවා නූතන මොන්ගෝලියාවට සමාන ප්‍රමාණයේ එක් ජාතියක් පිහිටුවීය.  ඔහු තමා චින්ගිස් ඛාන් ලෙස ප්‍රකාශයට පත් කරන ලද අතර එය “විශ්ව පාලකයා” ලෙස පරිවර්තනය වේ. එය බටහිරින් ජෙන්ගීස් ඛාන් ලෙස ප්‍රසිද්ධ විය.

ගෝත්‍රිකයන් එක්සත් කළ ජෙන්ගිස් ඛාන් මිලියනයක පමණ ජනතාවක් පාලනය කළේය. ගෝත්‍රික යුද්ධයේ සාම්ප්‍රදායික හේතූන් මැඩපැවැත්වීම සඳහා ඔහු උරුම කරගත් වංශාධිපති පදවි නාම ආදිය අහෝසි කළේය.  ඔහු කාන්තාවන් විකිණීම හා පැහැර ගැනීම තහනම් කළේය, මොන්ගෝලියානු ජාතිකයින් වහල්භාවයට පත් කිරීම තහනම් කළේය. ගොවිපලවල් වල සතුන් සොරකම් කළහොත් මරණීය දණ්ඩනය ලැබෙන බව ප්‍රකාශ කළහ. එපමණක් නොව, ජෙන්ගිස් ඛාන් ලිවීමේ ක්‍රමයක් අනුගමනය කිරීමට නියෝග කළේය, නිතිපතා සංගණනයක් පැවැත්වීය, විදේශ තානාපතිවරුන්ට රාජ්‍ය තාන්ත්‍රිකයින්ට හා ආගම් ඇදහිලි සිදු කිරීමට නිදහස දුන්හ.

මොන්ගෝලියාවෙන් පිටත ජෙන්ගිස් ඛාන්ගේ පළමු යුධ ව්‍යාපාර ය සිදු වූයේ වයඹදිග චීනයේ ෂී ෂියා රාජධානියට එරෙහිව ය. වැටලීම් මාලාවකින් පසුව, මොංගෝලියානුවන් 1209 දී විශාල යුද්ධයක් දියත් කළ අතර එමගින් ෂී ෂියා අගනුවර වන යින්චුවාන්හි දොරකඩට වෙත ඔවුන් ගෙන එන ලදී.  අනෙකුත් හමුදාවන් මෙන් නොව මොන්ගෝලියානුවන් විශාල අශ්ව සංචිතයකින් සමන්විත විය. හමුදාව මුළුමනින්ම පාහේ අශ්වාරෝහකයන්ගෙන් සමන්විත වූ අතර ඔවුන්ගේ විශේෂ හැකියාව වූයේ අසුපිට සිටියදීම දුන්නකින් හා ඊතලවලින් මාරන්තික ප්‍රහාර එල්ල කිරීමයි.

මොන්ගෝලියානුවන් ඊළඟට පහර දුන්නේ උතුරු චීනයේ ජින් රාජවංශයට ය. ඔහුගේ පාලකයා ජෙන්ගිස් ඛාන්ගෙන් යටත් වන ලෙස ඉල්ලා සිටීමේ වැරැද්ද කර තිබේ. 1211 සිට 1214 දක්වා කාලය තුළ මොංගෝලියානුවන් ගම්බද ප්‍රදේශ විනාශ කර සරණාගතයින් නගරවලට යැව්වා. ආහාර හිඟය ගැටලුවක් බවට පත් වූ අතර ජින් හමුදාව තමන්ගේම ගොවීන් දස දහස් ගණනක් ඝාතනය කිරීමට කටයුතු කරන ලදී. 1214 දී මොන්ගෝලියානුවන් ෂොන්ග්ඩු (දැන් බීජිං) අගනුවර වටලා ගත් අතර ජින් පාලකයා සිල්ක්, රිදී, රත්‍රන් සහ අශ්වයන් විශාල ප්‍රමාණයක් භාර දීමට එකඟ විය.

1219 දී ජෙන්ගිස් ඛාන් වර්තමාන ටර්ක්මෙනිස්තානය, උස්බෙකිස්තානය, ඇෆ්ගනිස්ථානය සහ ඉරානයේ ක්වේරෙස්ම් අධිරාජ්‍යයට එරෙහිව යුද්ධයට ගියේය. එහි සිටි සුල්තාන් වෙළඳ ගිවිසුමකට එකඟ වී ඇති නමුත් පළමු තවලම පැමිණි විට එහි භාණ්ඩ සොරකම් කර එහි වෙළෙන්දන් ඝාතනය කරන ලදී. සුල්තාන් පසුව ජෙන්ගිස් ඛාන්ගේ සෙබළුන් කිහිප දෙනෙකු ඝාතනය කළේය.  යළිත් වරක් සංඛ්‍යාව අඩු වුවද, මොන්ගෝලියානු කණ්ඩායම බුහාරා, සමර්කන්ඩ් සහ උර්ගන්ච් ඇතුළු එක් ක්වාරෙස්ම් නගරයන්ද අල්ලා ගන්නා ලදී. මෙහිදී වඩු කාර්මිකයන් සහ ස්වර්ණාභරණ තනන්නන් වැනි දක්ෂ කම්කරුවන් සාමාන්‍යයෙන් බේරා ගත් අතර වංශාධිපතියන් සහ ප්‍රතිරෝධී සොල්දාදුවන් ඝාතනය කරන ලදී.  මේ අතර, නුපුහුණු කම්කරුවන් බොහෝ විට ඊළඟ ප්‍රහාරයේදී මිනිස් පලිහ ලෙස භාවිතා කරන ලදී. ජෙන්ගිස් ඛාන්ගේ යුද්ධයේදී සැබැවින්ම කොපමණ පිරිසක් මිය ගියදැයි කිසිවෙකු නිශ්චිතව දන්නේ නැත. මන්දයත් මොන්ගෝලියානුවන් ඔවුන්ගේ දරුණු ප්‍රතිරූපය භීෂණය පැතිරවීමේ ක්‍රමයක් ලෙස ප්‍රචාරය කළ බැවිනි.

1225 දී ජෙන්ගිස් ඛාන් නැවත මොන්ගෝලියාවට පැමිණි විට, ඔහු ජපාන මුහුදේ සිට කැස්පියන් මුහුද දක්වා විශාල භූමි ප්‍රදේශයක් පාලනය කළේය. එසේ වුවද, ඔහු ක්වාරෙස්ම් ආක්‍රමණය කරන විට හමුදා දායකත්වය ඉල්ලා තිබුණත් එය ප්‍රතික්ෂේප කළ ෂී ෂියා රාජධානිය වෙත ඔහුගේ අවධානය යළි යොමු විය.ඔහු වැඩි කලක් විවේක ගත්තේ නැති බවත් සදහන් වේ. 1227 මුල් භාගයේදී අශ්වයෙකු ජෙන්ගිස් ඛාන් බිම හෙළූ අතර අභ්‍යන්තර තුවාල සිදුවිය.  ඔහු යුධ ව්‍යාපාරය සමඟ ඉදිරියට ගිය නමුත් ඔහුගේ සෞඛ්‍යය තත්ත්වය එන්න එන්නම පිරිහෙන්නට විය.  ෂී ෂියා යටත් කර ගැනීමට  පෙර ඔහු 1227 අගෝස්තු 18 වන දින මිය ගියේය.

ජෙන්ගිස් ඛාන් ඉතිහාසයේ වෙනත් ඕනෑම පුද්ගලයෙකු අත්පත් කරගත් ප්‍රමානයකටත් වඩා දෙගුණයකටත් වඩා භූමියක් අත්පත් කර ගන්නා ලදී. ඔහුගේ පරම්පරාව වන ඔගෝඩෙයි සහ කුබිලායි ද නැගෙනහිර යුරෝපයේ, මැදපෙරදිග හා චීනයේ සෙසු ප්‍රදේශවල පාලනය අත්පත් කර ගත්හ. 14 වන සියවසේදී මොංගෝලියානුවන් ඔවුන්ගේ අධිරාජ්‍යය බිඳී යාමට පෙර ජපානය සහ ජාවා පවා ආක්‍රමණය කළහ. ජෙන්ගිස් ඛාන්ගේ පරපුරේ අවසාන පාලකයා 1920 දී බලයෙන් පහ කරන ලදී.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මිලියන හතළිහකට අධික මිනිසුන් පිරිසක් ඝාතනය කොට ඉතිහාසයේ විශාලතම අධිරාජ්‍යය පිහිටු වූ ජෙන්ගිස් ඛාන් (Genghis Khan) මිලියන හතළිහකට අධික මිනිසුන් පිරිසක් ඝාතනය කොට ඉතිහාසයේ විශාලතම අධිරාජ්‍යය පිහිටු වූ ජෙන්ගිස් ඛාන් (Genghis Khan) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 29, 2021 Rating: 5

0 comments:

Post a Comment