එග්නොග් හදමු (Eggnog)

එග්නොග් හදමු (Eggnog) - Your Choice Way

විශේෂයෙන්ම නත්තලට හදන..නත්තලට නැතුවම බැරි ...එංගලන්තයේ ..

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • නැවුම් කිරි කෝප්ප 2
  • සීනි මේස හැදි 4
  • බිත්තර 3
  • සාදික්කා කුඩු තේ හැදි 1/2
  • කුරුදු කුඩු තේ හැදි 1/2
  • ඉගුරු කුඩු තේ හැදි 1/2
  • කරාබු නැටි කුඩු ස්වල්පයක් 

✅ සාදා ගන්නා ආකාරය :

  1. ගැඹුරු භාජනයක් ගෙන එයට කිරි ,කුරුදු කුඩු ,සාදික්කා කුඩු ,ඉගුරු කුඩු හා කරාබු නැටි කුඩු දමා මිශ්‍ර කර ලිප තබා මිනිත්තු 5ක් පමණ මද ගින්නේ හැදි ගාමින් උතුරවා ගන්න .
  2. බිත්තර 3 නේ කහ මද හා සුදු මද වෙන් කර ගන්න .
  3. කහ මද 3 ට සීනි හැදි 2ක් දමා සීනි දිය වන තෙක් බීට් කරන්න .
  4. කහ මද හා සීනි හොදින් බීට් වූ පසු කලින් සාදා ගත් කිරි මිශ්‍රණය සෙමින් එක් කරමින් නොකඩවා විස්ක් කරන්න.
  5. දැන් එම මිශ්‍රණය මිනිත්තු 5 ක් අඩු ගින්නේ හැදි ගාමින් උතුරවා ගන්න .
  6. බිත්තර සුදු සාරු වලට ඉතිරි සීනි හැදි 2 දමා පෙන නගින තෙක් බීට් කර ගන්න .
  7. අංක 5 සදහන් මිශ්‍රණයට බිත්තර සුදු මිශ්‍රණය ද දමා සෙමින් මිශ්‍ර කර ,කට වසා මිශ්‍රණය ශීතකරණයේ පැය 2,3 ක් තබා ගන්න .
සිසිල්ව සංග්‍රහ කරන්න .නත්තලට නැතුවම බැරි එග්නොග් ...ස්තුතිය !

එග්නොග් හදමු (Eggnog) - Your Choice Way

Chef Nadee (නදී අමරසිංහ)
Page එක Like කරලා Share කරන්නත් අමතක කරන්න එපා.

Chef Nadee
𝑪𝒂𝒌𝒆𝒔 𝒂𝒓𝒆 𝑺𝒑𝒆𝒄𝒊𝒂𝒍 𝑬𝒗𝒆𝒓𝒚 𝑩𝒊𝒓𝒕𝒉𝒅𝒂𝒚 ,𝑬𝒗𝒆𝒓𝒚 𝑪𝒆𝒍𝒆𝒃𝒓𝒂𝒕𝒊𝒐𝒏 𝑬𝒏𝒅𝒔 𝒘𝒊𝒕𝒉 𝒔𝒐𝒎𝒆𝒕𝒉𝒊𝒏𝒈 𝒂 𝑪𝒂𝒌𝒆 & 𝒑𝒆𝒐𝒑𝒍𝒆 𝒓𝒆𝒎𝒆𝒎𝒃𝒆𝒓 𝑰𝒕'𝒔 𝒂𝒍𝒍 𝒂𝒃𝒐𝒖𝒕 𝒕𝒉𝒆 𝒎𝒆𝒎𝒐𝒓𝒊𝒆𝒔!
# 𝙹𝚊𝚛 𝙲𝚊𝚔𝚎𝚜
# 𝙲𝚞𝚙𝚌𝚊𝚔𝚎𝚜
# 𝙱𝚒𝚛𝚝𝚑𝚍𝚊𝚢 𝙲𝚊𝚔𝚎𝚜
# 𝚆𝚎𝚍𝚍𝚒𝚗𝚐 𝚂𝚝𝚛𝚞𝚌𝚝𝚞𝚛𝚎𝚜
𝘊𝘩𝘦𝘧 𝘕𝘢𝘥𝘦𝘦 𝘈𝘮𝘢𝘳𝘢𝘴𝘪𝘯𝘨𝘩𝘦
Chef Nadee - Click Here (DM to Orders,Promotions & Collaborations.)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
එග්නොග් හදමු (Eggnog) එග්නොග් හදමු (Eggnog) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 19, 2021 Rating: 5

0 comments:

Post a Comment