Bodilima Andanne Song Lyrics - බෝදිලිමා අඬන්නේ ගීතයේ පද පෙළ

Bodilima Andanne Song Lyrics - බෝදිලිමා අඬන්නේ ගීතයේ පද පෙළ
Song Title : Bodilima Andanne (බෝදිලිමා අඬන්නේ)
ගායනය : ගුණදාස කපුගේ
සංගීතය : ගුණදාස කපුගේ
ගී පද : රත්න ශ්‍රී විජේසිංහ


බෝදිලිමා අඬන්නේ
බෝගන්දර හිරේ
බෝවෙල දෙවියෝ වඩින්න
බය අරින්න අපේ
බය අරින්න අපේ

විළි රෑනේ දුක දරන්න
හුරු නැති නංගියේ
හූල්ලලා රෑ හුළඟට
ඇඟ හීගඩු පිපේ
බොවෙල දෙවියෝ බලන්න
වැදුම් ගෙදර රඟේ
වැදුම් ගෙදර රඟේ

කොපුල් ලෑව ගම ඉහළට
විලාප හඬ ඇසේ
සඳුන් කුමාරිට පඬුරක්
තියන්න නංගියේ
බෝදිලිමෝ නාඬද්දෙන්
සංසාරෙට බයේ
සංසාරෙට බයේ

බෝදිලිමා අඬන්නේ
බෝගන්දර හිරේ
බෝවෙල දෙවියෝ වඩින්න
බය අරින්න අපේ
බය අරින්න අපේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Bodilima Andanne Song Lyrics - බෝදිලිමා අඬන්නේ ගීතයේ පද පෙළ Bodilima Andanne Song Lyrics - බෝදිලිමා අඬන්නේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 09, 2021 Rating: 5

0 comments:

Post a Comment