✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- සාමාන්‍ය ලොකු අලගෙඩියක් (150g)
- පාන් පිටි 150g
- බිත්තර දෙකක්
- කෑලි මිරිස් තේ හැඳි එකක්
- පීසා එක රසවත් කරගන්න කැමති එළවළු සහ ටොපින් එකක්
- මොසරැල්ලා චීස්
- තක්කාලි සෝස්
✅ සාදා ගන්නා ආකාරය :
- 👩🚒🍠 මුලින්ම අල් ගෙඩිය සුද්ද කරන හොඳින් සෝදා ගන්න
- 👩🚒🍠 පසුව වතුර ටිකක් භාජනයකට දමා එයට අල ගෙඩිය සිහින්ව ග්‍රේට් කරගන්න .
- 👩🚒🍠 පසුව ග්‍රේට් කරගත් අල ටික වතුර මිරිකා ගෙන භාජනයකට දමා එයට බිත්තර දෙක සහ ගම්බිරිස් කුඩු ලුණු කුඩු දමා කලවම් කර ගෙන පාන් පිටි දමා හොඳින් මිශ්‍ර කරගන්න .
- 👩🚒🍠 පසුව පීසා එක හදන පෑන් එක ලිපේ තබා තෙල් හෝ බටර් දමා සාදා ගත් අල මිශ්‍රණය දමා තුනී කර ගන්න .
- 👩🚒🍠 පසුව එය විනාඩි 5ක් පමණ පියනකින් වසා අඩු ගින්දරේ තම්බා ගන්න .
- 👩🚒🍠 දැන් එය පරිස්සමින් අනිත් පැත්ත හරවා එයටඋඩින් තක්කාලි සෝස් ගාගන්න .
- 👩🚒🍠 මේ අවස්ථාවේදී ලිප නිවාගන්න පසුව සෝස් එකට උඩින් මොසරැල්ලා චීස් ටිකක් දමා දමාගන්න .කැමති ටොපින් එකක් දමා ගන්න.
- 👩🚒🍠 බී ළූණු ,බෙල් පෙපර් වැනි දෑ දමාගන්න .මම ඉස්සෝ ටිකක් ෆ්යි කරලා දාගත්තා .
- 👩🚒🍠 පසුව එයට උඩින් කෑලි මිරිස් ටිකක් ඔරිගානෝ ටිකක් ඉස ගන්න .
- 👩🚒🍠නැවත උඩින් මොසරැල්ලා චීස් ටිකක් දමා ගන්න පසුව ලිප දමා නැවත පියනකින් වසා අඩු ගින්දරේ විනාඩි 5ක් පමණ තබන්න .
👩🍳 ලේසියි
👩🍳 පහසුයි
👩🍳 ගොඩාක් රසයි ....
👩🍳 Sandya kumari ...🖊️🖊️🖊️🖊️
0 comments:
Post a Comment