අලිගැට පේර මිල්ක් ශේක් හදමු (Avocado Milkshake)

අලිගැට පේර මිල්ක් ශේක් හදමු (Avocado Milkshake) - Your Choice Way

අද මම හැදුවා අලිගැට පේර මිල්ක් ශේක්. හරිම රසයි වගේම ගුණයි . ලෙහෙසියි හදන්නත් . මෙහෙමයි හැදුවේ .

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • තරමක අලිගැට පේර ගෙඩ්   2
  • ෆ්‍රෙශ් මිල්ක්   450ml
  • වැනිලා තේ හැදි 1 
  • අයිස් කැට ටිකක් 
  • ලුනු කුඩු ටිකක් 
  • අයිස් ක්‍රීම් ස්කූප්  2
  • සීනි  රස අනුව (මම දැම්මේ මේස හැදි 3 )
  • ස්ප්‍රින්කල්ස් ටිකක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. පලමුව තරමක කප් එකකට කිරි ටික දමා එයට ලුනු , වැනිලා , සීනි එකතු කර හොඳින් මිශ්‍ර කරන්න . 
  2. පසුව බ්ලෙන්ඩර් එකට අලිගැට පේර 2 සුරා දමන්න . 
  3. ඊට පසු කිරි මිශ්‍රණය, අයිස් ක්‍රීම්  සහ අයිස් කැට  එකතු කර බ්ලෙන්ඩ් කරන්න . 
  4. අවසානෙට වීදුරු වලට දමන්න . මම උඩටත් අයිස් ක්‍රීම් දමා ස්ප්‍රින්කල්ස් වලින් සරසා ගත්තා . කැමති නම් කරන්න . නැත්නම් වීදුරු ටික වේලාවක් ශිත කරනයේ තබා ගන්න.
හදලා බලන්න කෝ. Dhammika Panangala (ධම්මිකා පනංගල)

අලිගැට පේර මිල්ක් ශේක් හදමු (Avocado Milkshake) - Your Choice Way

අලිගැට පේර මිල්ක් ශේක් හදමු (Avocado Milkshake) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
අලිගැට පේර මිල්ක් ශේක් හදමු (Avocado Milkshake) අලිගැට පේර මිල්ක් ශේක් හදමු (Avocado Milkshake) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 02, 2021 Rating: 5

0 comments:

Post a Comment