Andara Yaye Song Lyrics - අන්දර යායේ ගීතයේ පද පෙළ

Andara Yaye Song Lyrics - අන්දර යායේ ගීතයේ පද පෙළ
Song Title : Andara Yaye (අන්දර යායේ)
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : කුමාර ලියනගේ
සංගීතය : රෝහණ ධර්මකීර්ති


අන්දර යායේ වැව්තාවුල්ලේ
සක්මන් කරනා අප්පච්චී
දොලේ දියයි මට කෙතේ නිලයි
ගහ වැලේ මලයි මට අප්පච්චී...//

වළාකුලේ දා බිදු තවරා
මහපොළවට මහ වැසි ගෙනෙනා...//
දිවි ගමනේ ඉම කදුමුදුනේ හිද
පිතු සෙනෙහේ කඳුලැලි සලනා..

අන්දර යායේ වැව්තාවුල්ලේ
සක්මන් කරනා අප්පච්චී
දොලේ දියයි මට කෙතේ නිලයි
ගහ වැලේ මලයි මට අප්පච්චී...//

තුරු හිස මුදුනේ මල් ඵලදා
කැකුළු මුවට ඵල වැල නෙලුවා...//
ඒ දඬු මං බැද සත්කුළු පව් බිද
සිදාදියට යන මං තැනුවා...

අන්දර යායේ වැව්තාවුල්ලේ
සක්මන් කරනා අප්පච්චී
දොලේ දියයි මට කෙතේ නිලයි
ගහ වැලේ මලයි මට අප්පච්චී...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Andara Yaye Song Lyrics - අන්දර යායේ ගීතයේ පද පෙළ Andara Yaye Song Lyrics - අන්දර යායේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 04, 2021 Rating: 5

0 comments:

Post a Comment