Ada We Iru Dina Song Lyrics - අද වේ ඉරු දින ගීතයේ පද පෙළ

Ada We Iru Dina Song Lyrics - අද වේ ඉරු දින ගීතයේ පද පෙළ
Song Title : Ada We Iru Dina (අද වේ ඉරු දින)
ගායනය : ගෝල්ඩන් චයිම්ස් (අනිල් භාරතී)
පද : ක්ලැරන්ස් විජේවර්ධන
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන


අද වේ ඉරු දින
ඔබ හමුවේවි ද
ඔබ හා බැඳි හද
අද නොතැවේවි ද
මගෙ හද විල මැද
සැලෙන ඕළු කොඳ
අද සුපිපේවි ද
මගෙ සිත තුටු වේවි ද .....//

සතියේ දින හත
ගැණ ගැණ මගෙ සිත
ඉරිදා දින මත
පැතුම් ඇඳී ඇත
සඳ පායන තුරු
කුමුදු පිපෙන තුරු
මම ඉමි නිරතුරු
එන ඉරිදා වන තුරු

අද වේ ඉරු දින
ඔබ හමුවේවි ද
ඔබ හා බැඳි හද
අද නොතැවේවි ද
මගෙ හද විල මැද
සැලෙන ඕළු කොඳ
අද සුපිපේවි ද
මගෙ සිත තුටු වේවි ද

ඔබෙ සියුමැලි වත
පණ ගන්වයි සිත
පැටලී හදවත
සැමදා පවතිනු ඇත
ඉරිදා දිනකට
ඇති මගෙ සහතුට
මැන බර කිරුමට
හැකි වේවිද කෙනෙකුට

අද වේ ඉරු දින
ඔබ හමුවේවි ද
ඔබ හා බැඳි හද
අද නොතැවේවි ද
මගෙ හද විල මැද
සැලෙන ඕළු කොඳ
අද සුපිපේවි ද
මගෙ සිත තුටු වේවි ද ....//

1972 වසරේ නිකුත් කළ "The Dynamic New Sound of the Golden Chimes - Volume 2" EP තැටියට අඩංගු වූ ගීයකි.(EP Sooriya / CHB 022)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ada We Iru Dina Song Lyrics - අද වේ ඉරු දින ගීතයේ පද පෙළ Ada We Iru Dina Song Lyrics - අද වේ ඉරු දින ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 09, 2021 Rating: 5

0 comments:

Post a Comment