Nile Nadee Song Lyrics - නයිල් නදී ගීතයේ පද පෙළ

Nile Nadee Song Lyrics - නයිල් නදී ගීතයේ පද පෙළ
Song Title : Nile Nadee (නයිල් නදී)
Vocals : Rashinie Gamage
Lyrics : Madeesha Ranathunge
Lyric Video : Akila Samarawickrama (A∞ Studios)
Music, Melody, Mixing & Mastering : Stereomiinds 
Recording Studio : Mix Factory SL


ක්ෂිතිජ මායිම් පීරා ගේනා
සුවඳ ඔබගේ වින්දා
දෑත දැවටී උනුහුම් වූ මා
සිහිනයෙන් ලග උන්නා
ඈත සයුරේ දෑසේ මානා
ඒවිදෝ හිත කිව්වා
සීත මෝසම් වර්ෂාවේ මා
තෙමී නොතෙමී උන්නා

මාගේ හදේ ආශා පුබුදා
සූර්යයා සේ දිදුලන්නා
වාලුකාවේ ගිනියම් වූ ගත
රෑ පුරා මා සිහිලෙන් දෝවන්නා
සොයා මා එනවාදෝ කුමරා
මගේ ලග සැනසෙන්නා
ශෝකයෙන් මේ චන්ද්‍ර ශෝභා
නයිල් නදී ගං හැරයන්නා

ශ්වේත තවරා සේද යහනා
මග බලා කල් ගෙව්වා
බමරු ඇවිදින් දෑත ඉල්ලා
නුඹ නේන බව කීවා

මැදුරු සීමා පවුරු බිදලා
එන්නදෝ මා සිතුවා
රොන් නුබේ වූ කුසුමකී මා
එන්න මා වෙත පියඹා

මාගේ හදේ ආශා පුබුදා
සූර්යයා සේ දිදුලන්නා
වාලුකාවේ ගිනියම් වූ ගත
රෑ පුරා මා සිහිලෙන් දෝවන්නා
සොයා මා එනවාදෝ කුමරා
මගේ ලග සැනසෙන්නා
ශෝකයෙන් මේ චන්ද්‍ර ශෝභා
නයිල් නදී ගං හැරයන්නා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nile Nadee Song Lyrics - නයිල් නදී ගීතයේ පද පෙළ Nile Nadee Song Lyrics - නයිල් නදී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 21, 2021 Rating: 5

0 comments:

Post a Comment