Mage Lowe Song Lyrics - මගේ ලොවේ ගීතයේ පද පෙළ

https://lh3.googleusercontent.com/1yhKMWS5bsaFtS-gqj8aIIusdVcOxbU18BFQYFMRJY31A4-Y7wDxHcfaKJ1FscOB2-3Hp9hlpJZDh0y0UdEAU9WeNkeaUtgX0s_AOkzG2iJbEVJ7lIh8ZjqKKO9jsYvEACOi32ps9Lc=w2400
Song Title : Mage Lowe (මගේ ලොවේ)
Artist : Jtsp Boy
Mix and Mastering : Jtsp Boy
Hook Lyrics : Adhi Mr
Rap Lyrics : Jtsp Boy
DOP : Prasad Eranda
Edit and Colourist : Neo Sahan


මගේ ලොවේ මං ඉන්නේ හැමදාම තනියම
සතුට ලැබෙන මග නොදනිමි මම තව
සිනහාවෙන් සැනසෙන්නේ ගත සිත පමණකි
තනිවම තනිකම මැද සිරවී මම

මතකයි ආව පාර මගෙ කටුකම
රිදවයි මතකයන් මගෙ හිත හැමදාම
සරලයි ජීවිතෙ නෑ ලග ලොකුකම
තාමත් රජ වෙන්නෙ හැමතැන බොරුවම
තාමත් අතරමං ජීවන කතරක
වින්දට ලෝකෙ සතුටින් මං හිත යට ඇති දුක
නැති දේවල් හෙව්වෙ නෑ
ඇති දේ මිස නැති වැරැද්දට පහත් කරෙ නෑ මම හිස
කප්පරක් තියනව පොදි බැදන් හිතේ හීන
වත්කරන් බොනවද නොදැනම විස පාන
විද්දට වැඩක් නෑ වැරදුනොතින් උබෙ මාන
ලංකර ගත්තට වැඩක් නැ ගිනිගනී පුලුන් ගින්න
සුන්දර නෑ මං වින්ද ජීවිතේට දුකයි උරුම 
රත්තරං නෑ අතේ කරේ තිබ්බට මනුස්සකම
හෙව්වට සතුට හැමතැනම පිරිලා දුක 
දැක්කට කවදාවත් මනින්නෙපා ඒ රුවේ පිටම

මගේ ලොවේ මං ඉන්නේ හැමදාම තනියම
සතුට ලැබෙන මග නොදනිමි මම තව
සිනහාවෙන් සැනසෙන්නේ ගත සිත පමණකි
තනිවම තනිකම මැද සිරවී මම

ගැම්මට නැවෙන්නෙ කවදත් හරි පැත්තට
මැදි වෙන් නෑ කවදාවත් කාගෙත් බොරුවට
නැවුනෙ නෑ කවදාවත් වාසි පැත්තට
මොත්තෙ දාලා කවුරුත් වල කැපුවෙ යටටම 
කිව්වට පලක් නෑ දනී මම කාගෙත් කතාව
ලිව්වට අද සතුටෙන් ඒ කාලෙ ලිව්වෙ දුකම කතාව
ගෙවුවෙම කාලෙ වීදී ගානෙ මම වෙලා මුලාව 
අඳුරු රැයවල් තමා නිව්වෙ මගෙ ගතේ විඩාව
සතුටුයි අද ඉන්න තැනත් එක්ක බැලුවම
එකට ඉදපු අය ඇරියෙම පෙන්නල බලුකම
වෙන්කර ගත්තෙ අම්ම තමයි ලෙයින් මව්කිර
මමත් වෙන්කර දැක්කා සමාජෙ ඉන්න මිනිසව
ජීවිතෙ හැටි ඔහොමයි අමුතු ගමනකි
දවසක ගමනෙ කෙලවර වෙන්න මරනෙකින් 
ටික දවසකින් අපිත් යන්නේ හිස් අතකින් (සැනකින්) 
ඉන්න ඕනෙ හිනා වෙලා දුක තියන් පැත්තකින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Lowe Song Lyrics - මගේ ලොවේ ගීතයේ පද පෙළ Mage Lowe Song Lyrics - මගේ ලොවේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 22, 2021 Rating: 5

0 comments:

Post a Comment