හිස ගසා දැමූ කැප්පැටිපොළයන්ගේ - කැප්පැටිපොළ වලව්ව 🏛⚔️🛡 (Kappatipola Walawwa)

හිස ගසා දැමූ කැප්පැටිපොළයන්ගේ - කැප්පැටිපොළ වලව්ව 🏛⚔️🛡 (Kappatipola Walawwa) - Your Choice Way

අද අපි කතා කරන්න යන්නේ ඌව වෙල්ලස්ස කැරැල්ලේ විරුවාට සෙවනදුන් වලව්ව ගැන..

ඒ තමා කැප්පැටිපොළ වලව්ව..1818 කැරැල්ලේ සුවිශේෂ පුද්ගලයෙක් විදියට සැලකෙන මොනරවිල කැප්පෙටිපොළ නම් ජාතික වීරයා සිය ජීවිතය ගත කර ඇත්තේ මේ වලව්වේ. 

එතුමා ඉපදුණු වලව්ව නම් තියෙන්නේ මාතලේ මොනරවිල ග්‍රාමයේ. 

ඒත් මේ වලව්ව තියෙන්නේ මාතලේ  හුලංගමුව ප්‍රදේශයේ. 

1817-1818 ඌව වෙල්ලස්ස කැරැල්ල සහ කැප්පෙටිපොළ මහ දිසාවගේ හිස ගසා දැමූ මොහොත පිළිබඳ පුවත ලෝක ඉතිහාසයේ රන් අකුරින් ලියැවී  තිබෙනවා...

මොණරවිල කැප්පෙටිපොළ මහ දිසාව සිය අවසාන කාලයේ දී ජීවත්වූනේ දැනට මාතලේ හුලංගමුවේ පිහිටි ‘‘කැප්පෙටිපොළ මහා වලව්ව’’ තුළයී...

මේ වන විට එහි පෞරාණිකත්වය සුරැකෙන අයුරින් සංරක්ෂණය කිරීමට රජයේ අවධානය යොමුවී තිබෙනවා.. 

ඓතිහාසික සිද්ධි රැසක ක්ෂේම භූමියක් වූ මාතලේ පුරවරයේ සෞන්දර්යාත්මක පරිසරයකින් යුතු හුලංගමුව ගම්මානයේ පිහිටි මේ මහ වලව්ව මොණරවිල කැප්පෙටිපොළ දිසාව මාතලේ දිසාව භාරව රාජකාරි කරද්දි ඉදිකරන ලද්දක්.. 

හුලංගමුව ගමේ පර්චස් 120ක පමණ භූමිභාගයක ඉදිකර තිබෙන මෙම වලව්ව කාමර 16කින් යුක්තයි...

හෙළ ගෘහ නිර්මාණ කලාවේ අනගි නිපැයුම් මෙහි දක්නට ලැබෙනවා. 

18 වැනි ශත වර්ෂයේ උඩරට ගෘහ නිර්මාණ ශිල්පයේ සම්ප්‍රධාය මෙහි පිළිඹිබු කරනවා..

මෙම ගොඩනැගිල්ල උසින් අඩි 30ක් පමණ වන අතර දිගින් හා පළලින් අඩි 40 සහ 25 බැගින් වෙනවා...

මේ ඓතිහාසික වලව්වේ මොණරවිල කැප්පෙටිපොළ මහ දිසාවගේ පරපුරේ 6 වැනි පරම්පරාව අදත් ජීවත් වෙනවා..

කැප්පෙටිපොළ හයවන පරම්පරාවේ දියණියක් වන ධනසීලි මහත්මිය තමන්ගේ ස්වාමියා එක්ක මෙහි දැන් ජීවත් වෙනවා. 

මේ වලව්වේ සුවිශේෂ අංගයක් තමයි කෑම කාමරය. 

ඒ කාමරය කොතරම් විශාල ද කියනවා නම් ඒ තුළ ඉඳන් අලි ඇත්තුන්ටත් කෑම දීලා තියනවා. ඉතින් හිතන්නකෝ කොහොමද කියලා..

මැද මිදුල සහ සඳළුතල දෙකක් සහිත තනිකරම දැවවලින් නිර්මාණය කළ උඩුමහලත් හරිම ආකර්ෂණීයයි...

ඌව-වෙල්ලස්ස නිදහස් සටනට නායකත්වය දුන් මොණරවිල කැප්පෙටිපොළ මහදිසාව කහල්ල ගම් පියසේ දී 1818 ඔක්තෝබර් මස 23 වැනිදා බ්‍රිතාන්‍යය පාලකයන්ගේ අත්අඩංගුවට පත්වුණා...

නොවැම්බර් මස 26 වැනිදා කැප්පෙටිපොල මහ දිසාව සහ මඩුගල්ලේ නිළමේ බෝගම්බර වැව අසල දී හිස ගසා මරා දැමීමත් සමග ඒ යුග පුරුෂයින්ගේ ගමන අවසන් වුණා...

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏 Travel for Education
හිස ගසා දැමූ කැප්පැටිපොළයන්ගේ - කැප්පැටිපොළ වලව්ව 🏛⚔️🛡 (Kappatipola Walawwa) - Your Choice Way

හිස ගසා දැමූ කැප්පැටිපොළයන්ගේ - කැප්පැටිපොළ වලව්ව 🏛⚔️🛡 (Kappatipola Walawwa) - Your Choice Way

හිස ගසා දැමූ කැප්පැටිපොළයන්ගේ - කැප්පැටිපොළ වලව්ව 🏛⚔️🛡 (Kappatipola Walawwa) - Your Choice Way

හිස ගසා දැමූ කැප්පැටිපොළයන්ගේ - කැප්පැටිපොළ වලව්ව 🏛⚔️🛡 (Kappatipola Walawwa) - Your Choice Way

හිස ගසා දැමූ කැප්පැටිපොළයන්ගේ - කැප්පැටිපොළ වලව්ව 🏛⚔️🛡 (Kappatipola Walawwa) - Your Choice Way

හිස ගසා දැමූ කැප්පැටිපොළයන්ගේ - කැප්පැටිපොළ වලව්ව 🏛⚔️🛡 (Kappatipola Walawwa) - Your Choice Way

හිස ගසා දැමූ කැප්පැටිපොළයන්ගේ - කැප්පැටිපොළ වලව්ව 🏛⚔️🛡 (Kappatipola Walawwa) - Your Choice Way

හිස ගසා දැමූ කැප්පැටිපොළයන්ගේ - කැප්පැටිපොළ වලව්ව 🏛⚔️🛡 (Kappatipola Walawwa) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
හිස ගසා දැමූ කැප්පැටිපොළයන්ගේ - කැප්පැටිපොළ වලව්ව 🏛⚔️🛡 (Kappatipola Walawwa) හිස ගසා දැමූ කැප්පැටිපොළයන්ගේ - කැප්පැටිපොළ වලව්ව 🏛⚔️🛡 (Kappatipola Walawwa) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 02, 2021 Rating: 5

0 comments:

Post a Comment