Hithanako Ayiye Song Lyrics - හිතන්නකෝ අයියේ ගීතයේ පද පෙළ

Hithanako Ayiye Song Lyrics - හිතන්නකෝ අයියේ ගීතයේ පද පෙළ
Song Title : Hithanako Ayiye (හිතන්නකෝ අයියේ)
ගායනය : ඉන්ද්‍රාණි සේනාරත්න (එවකට ඉන්ද්‍රාණි විජේබණ්ඩාර)
පද : කරුණාරත්න අබේසේකර
තනුව : Pendyala Nageswara Rao
සංගීතය : එස්. දක්ෂිණමූර්ති


හිතන්නකෝ අයියේ
දැන්වත් හැද‍ෙන්නකෝ අයියේ ...//
දඟ ළමයින් නරකයි බෝ සැරයි
හොඳ ළමයට කවුරුත් ආදරෙයි
හිතන්නකෝ අයියේ
දැන්වත් හැද‍ෙන්නකෝ අයියේ
ඩිංගක් හිතන්නකෝ අයියේ

සෙල්ලම ලෙල්ලම වෙනවාමයි
ඒකෙන් ඇස් රතු වෙනවාමයි

හෝ ඕඔ ඕඔ ඔඔ ඔඔ ඕ...
මැර කොල්ලන් එක්කලා හාදකම්

උඩ පැනිලී නැටිලී නාඩගම්

හොඳ නෑ කැතයි
චී චී කැතයි
ලැජ්ජා නැද්දෝ
හිතන්නකෝ අයියේ
දැන්වත් හැද‍ෙන්නකෝ අයියේ
ඩිංගක් හිතන්නකෝ අයියේ

එකටෙක නොකියා වාද වෙලා
ගුරු දෙගුරුන් හට මෙල්ල වෙලා

හෝ ඕඔ ඕඔ ඔඔ ඔඔ ඕ...
හැදුනේ නැත්නම් අයියා මගේ
බලු වලිගේ වාගේමයි ඇදේ

හොඳ නෑ කැතයි
චී චී කැතයි
ලැජ්ජා නැද්දෝ
හිතන්නකෝ අයියේ
දැන්වත් හැද‍ෙන්නකෝ අයියේ
ඩිංගක් හිතන්නකෝ අයියේ

පොඩි අපි දෙන්නා ඇස් දෙක වාගේ අම්මා සලකාවී
හා හා අම්මා සලකාවී

උදේ සවස වැඳ පුදන්න අම්මා දෙවියොත් සලකාවී
හා හා දෙවියොත් සලකාවී
හොරකම් මැරකම් එපා එපා 
බොරු කීවෝතින් පව් සිදුවේවී
නංගී පොඩී 
හැම කාලෙදී
අයියා ගාවයි
හිතන්නකෝ අයියේ
දැන්වත් හැද‍ෙන්නකෝ අයියේ
ඩිංගක් හිතන්නකෝ අයියේ

1957 දී තිරගතවූ "ශූරයා" සිංහල චිත්‍රපටියේ ගීයකි. මෙම චිත්‍රපටිය "Thiruttu Raman" දමිළ චිත්‍රපටිය ඇසුරෙන් නිර්මාණය වූවකි. මුල් චිත්‍රපටිය "Donga Ramudu" නම් තෙළිඟු චිත්‍රපටියයි.

1949 දී භාරතයේ තිරගතවූ "Donga Ramudu" තෙළිඟු චිත්‍රපටියට, පී. සුශීලා (P. Susheela) ගායනා කළ "Telisindaa Babu" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත. මෙම චිත්‍රපටිය "Thiruttu Raman" නමින් දමිළ දෙබස් කවා නිෂ්පාදනය විය. එහි මෙම ගීය "Thrinjukko Baabu Ippove Thrinjukko Baabu" ලෙස ගයන්නේ ද පී. සුශීලා විසින්මය.

තෙළිඟු ගීයේ පද හා ගීය

Song : Telisindaa Babu
Singer : P. Susheela
Lyricist : Samudrala Sr.
Composer : Pendyala Nageswara Rao

දමිළ ගී පද හා ගීය Thrinjukko Baabu (Thiruttu Raman 1955)

தெரிஞ்சுக்கோ பாபு இப்பவே
தெரிஞ்சுக்கோ பாபு நல்ல
வாழ்வே தினமும் காணுவாய் வீண்
வஞ்சகம் இல்லா வாழ்வையே...(தெரிஞ்சுக்கோ)

சில்லற பயல்களை கூடுவியா
கிள்ளி சண்டை போடுவியா ஓஓஒ
உயர் வாழ்வினை நீயே நாடணும்
நல்ல தூயவரோடு சேரணும்
பார் மீதிலே வாழ் நாளிலே நேர்மையை நீயே (தெரிஞ்சு)

கல்விக்கு கோலா சுற்றுவியா
குருவுக்கு நாமம் போடுவியா ஓஓஒ
புது பாடம் மறந்தே போவியா
பொல்லாதவரோடு சேர்வியா
பார் மீதிலே வாழ் நாளிலே நேர்மையை நீயே (தெரிஞ்சு)

விடிஞ்சதும் நீயே தாயின் பாதங்களை பணிவாயே
ஆஹா தினமும் பணிவாயே
மனதினில் தந்தையின் வாழ்வினை நீயே
மறந்திடலகாதே ஆஹா மறந்திடலாகாதேஓஓஒ
அறிவும் பொருளும் கண் போலவே
பகுத்தறிவை நீயும் மறவாதே
மனம் போலவே மகிழ்வாகவே ஏறுடன் வாழ்வாயே (தெரிஞ்சுக்)

Song : Thrinjukko Baabu
Singer : P. Susheela
Lyricist : Kannadasan
Composer : Pendyala Nageswara Rao

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hithanako Ayiye Song Lyrics - හිතන්නකෝ අයියේ ගීතයේ පද පෙළ Hithanako Ayiye Song Lyrics - හිතන්නකෝ අයියේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 21, 2021 Rating: 5

0 comments:

Post a Comment